Wednesday, September 13, 2017

දිස්ත්‍රික් ලේකම් අභියෝගතා අනුශුරතාවය ඇලහැර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට

    පොලෙන්නරුව දිස්ත්‍රික්කයේ වැලිකන්ද, දිඹුලාගල, ලංකාපුර, වැලිකන්ද, හිඟුරක්ගොඩ, මැදිරිගිරිය, ඇලහැර, යන ප්‍රාදේශීය ලේකම් කාර්යාල අතර පැවති දිස්ත්‍රික් ලේකම් අභියෝගතා කුසලාන තරඟාවලියේදී නෙට්බෝල්, වොලිබෝල් සහ ක්‍රිකට් යන තරඟ පවත්වන්නට කටයුතු කල අතර මෙහිදී ඇලහැර ප්‍රාදේශීය ලේකම් කාර්යාරලයේ, සමෘද්ධි නිළධාරී, ග්‍රාම නිළධාරී, ආර්ථික සංවර්ධන සහ කාර්යාලයේ සේවය කරන සෙසු නිළධාරීන්ගෙන් සැදුම්ලත් කංඩායම සුවිශේෂි දක්ෂතා දක්වමින් නෙට්බොල් තරඟයේ අනුශුරතාවය හිමිකර ගැනීමට සමත්විණි. ත්‍යාග සහ අනුශුරතා කුසලානය පිරිනැමීම ප්‍රාදේශීය ලේකම් එස්.එම්. කේ. කුමාරිහාමි මැතිණියගේ සහ  සහකාර ලේකම් මලවි ආරච්චි මැතිණියගේ සුරතින් සිදුකරන ලදි.

කේ. එම්. වික්‍රමවංශ රාජපක්ෂ
සමෘද්ධි ගමන සන්නිවේදක
ඇලහැර

No comments:

Post a Comment