Thursday, September 14, 2017

“සමෘද්ධි ගමනට” ඇලහැරින් සුබ පැතුම්


     ඇලහැර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මුලස්ථාන කළමණාකාර, කළමණාකාර අධ්‍යක්ෂ ගාමිණි කුමාර සිංහ මහත්මා ගමන  මාධ්‍ය වැඩසටහන පිලිබදව අදහස් දක්වමින් මෙසේ කියා සිටියා. සමෘද්ධි වැඩසටහන පිලිබඳව විවිධ මත අදහස් පලවෙන  යුගයක වැඩසටහන සම්බනධව යමෙකුට නිවැරදි අවබෝධයක් ලබාදෙන්නට අන්තර්ජාලය තුලින් සහ මුද්‍රිත මාධ්‍ය තුලින්  ගමන ගන්නා වු උත්සාහයට ස්තුතිවන්ත වෙන්න ඹ්‍න.
    
    කචුරුන් කෙසේ කීවද, දශක දෙකක් තුල සමෘද්ධි වැඩසටහනේ මුලික පරමාර්ථයන් ආර්ථික සහ සාමාජීය සවිබල ගැන්වීම තුලින් අද වනවිට වැඩියෙන්ම උසස්පෙල සමත්වෙලා විශ්ව විද්‍යාලයන්නෙ සමෘද්ධි ලාභීන්ගේ දරුවෝ, නාගරික මෙන්ම ග්‍රාමීය ප්‍රදේශවලද සමෘද්ධි බැංකු ණය ලබාදීම තුලින් ස්වයංරැකියා ව්‍යාපෘති ක්‍රියාත්මක වෙනවා මෙවැනි දේ එළිදැක්වීම තුලින් ගමන කරන්නෙ හොඳ සමාජ මෙහෙවරක්, නිකරුනේ කාලය ගෙවා දමන අයෙකුට වුවද මෙවන් දේ දැකීම තුලින් තමන්ට කල හැකි දේ  හදුනගෙන ස්වයංරැකියා සඳහා යොමුවෙන පිරිස වැඩිවෙනවා. දිඟු ගමනක් යන්නට  ගමනට  හැකියාව ලැබෙන්න කියල සුබ පතනවා.

කේ. එම්. වික්‍රමවංශ රාජපක්ෂ
සමෘද්ධි ගමන සන්නිවේදක
ඇලහැර

No comments:

Post a Comment