Wednesday, September 20, 2017

ප්‍රජා සංවිධාන නිළධාරීන්ට මූල්‍ය සාක්ෂරතාව පිළිබද දැනුම


    නියාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සමෘද්ධි බැංකු වලට සම්බන්ද ප්‍රජා මූල සංවිධාන නිළධාරීන්ට මූල්‍ය සාක්ෂරතාව පිළිබද දැනුවත් කිරීමේ වැඩ සටහනක් පසුගියදා නියාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්වුණි. මේ තුලින් ප්‍රජා සංවිධානය තුල නිවරැදිව ගිණුම් සකස් කර ගන්නා ආකාරයත් එය නිවරැදිව සටහන් තබන ආකාරය පිළිබදව ප්‍රජා සංවිධාන නිළධාරීන් දැනුවත් කරන ලදි. 

මීට අමතරව සමෘද්ධි බැංකු ණය ලබා ගනිමින් එම මුදල් ඵලදායි කටයුත්තකට යොදා ගන්නා ආකාරය පිළිබදවත් එම නිළධාරීන්ව දැනුවත් කරන ලදි. එසේම මේ වන විට සෑම ගමක්ම, නගරයක්ම වෙලා ගනිමින් ක්‍රියාත්මක වන විවිධ ආයතන මගින් ලබා දෙන ණය මුදල් පිළිබදවද දැනුවත් කිරීම් සිදු කල අතර, ඒ තුලින් අඩු ආදායම් ලාභී ජනතාව මුහුන පා සිටින අසීරු තත්වයත්, එම ලබා ගන්නා ණය සදහා අය කරන අධික පොළිය පිළිබදවත් විශේෂයෙන්ම දැනුවත් කරන ලදි. 

වැඩ සටහන අවසානයේදී ලියාපදිංචි ප්‍රජා මූල සංවිධාන සදහා සහතික පත්‍ර ප්‍රධානයද සිදුකෙරුණි. නියාගම ප්‍රාදේශීය ලේකම් තුමාගේ උපදෙස් සහ මග පෙන්වීම යටතේ මෙම වැඩ සටහන ක්‍රියාත්මක වූ අතර ඇල්පිටිය සමෘද්ධි බැංකු කළමණාකාර මල්ලිකා ඈපා මහත්මිය සහ අමුගොඩ සමෘද්ධි බැංකු කළමණාකාර ජගත් කුමාර යන මහත්වරුන් විසින් මේ සදහා සම්පත් දායකත්වය ලබා දෙන ලදි. මූලස්ථාන කළමණාකාර ප්‍රියංකා කොඩිකාර මහත්මිය, මහා සංගම් අධ්‍යක්ෂ සුමිත් කිත්සිරි මහතා, සමාජ සංවර්ධන සහකාර චරිත් අසේල මනෝරත්න මහතාද මේ සදහා සහභාගී විය.⁣

බී.එච්.ඒ.ප්‍රසන්න
සමෘද්ධි සන්නවේදක
නියාගම

No comments:

Post a Comment