Wednesday, September 20, 2017

කැකුළු ළමා සමාජ ගාල්ල දිස්ත්‍රික් තරගාවලියේ ශූරතාවය මෙවරත් වැලිවිටිය දිවිතුරට.......


    පසුගියදා පැවති ගාල්ල දිස්ත්‍රික් කැකුළු ළමා සමාජ සාහිත්‍ය හා සංස්කෘතික තරගාවලියේ ශූරතාවය පිට පිට දෙවන වරටත් වැලිවිටිය දිවිතුර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ විසින් දිනා ගෙන ඇත. එහිදි එම කොට්ඨාශය විසින් ලකුණු 41ක් ලබා ගෙන ඇති අතර  ලකුණු 37 ක් ලබාගත් අක්මීමන කොට්ඨාසය අනු ශූරතාවය දිනා ගෙන ඇත. බද්දේගම ලේකම් කොට්ඨාසය තෙවන ස්ථානය දිනා ගෙන ඇත්තේ ලකුණු 34 ක් ලබා ගනිමිනි.

   ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 19 නියෝජනය කරමින් ළමා සමාජ දරු දැරියන් 600 ට අධික ප්‍රමාණයක් සහභාගි වූ මෙම තරඟාවලිය සඳහා තරඟ ඉසව් 14 ක් වයස් කාණ්ඩ 3 ක් යටතේ පැවැත්වූ අතර එම ඉසව් වලින් පළමු තැන දිනාගත් දරු දැරියන් ඔක්තෝබර් 22 වන දින බත්තරමුල්ලේ සුබෝති විද්‍යාලයේ පැවැත්වෙන සමස්ත ලංකා තරගාවලිය සඳහා ඉදිරිපත් වීමට නියමිතය.

   එම දරු දැරියන් සඳහා දැනුම්වත් කිරීමේ වැඩසටහන් කිහිපයක් ඉදිරි දිනවලදී සිදු කිරීමට දිස්ත්‍රික් සමාජ සංවර්ධන අංශය සැලසුම් කර ඇත.

ප්‍රියන්ත කාරියවසම්
විශේෂාංග සන්නිවේදක
සමෘද්ධි ගමන

No comments:

Post a Comment