Friday, October 13, 2017

සමෘද්ධි ව්‍යවසායකයින්ට රු.ලක්ෂ 15 උපකරණ


    2017 ජීවනෝපාය වැඩසටහන යටතේ පුත්තලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුල සවිබල ගැන්වීම සදහා තෝරාගත් පුද්ගලයින් වෙත උපකරණ ලබා දීමේ  වැඩ සටහනක් පසුගියදා පුත්තලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්විනි. මේ සදහා කුඩා කර්මාන්ත කරුවන් 09ක්, සත්ත්ව පාලනය සදහා 14ක්, ධිීවර කර්මාන්තකරුවන් 4ක්, කෘෂි කර්මාන්තකරුවන් 6ක් ලෙස තෝරාගත් මුලු පිරිස 33දෙනෙකු විය.

   එක් පුද්ගලයෙකු සදහා ලබාදුන් උපකරණවල වටිනාකම රු.90000.00වු අතර 50%දායකත්වයක් කර්මාන්තකරුවන් දරනු ලැබීය. ඒ අනුව සමෘද්ධි දෙපාර්තුමේනතුව ලබාදුන් දායකත්වය රු.1485000.00කි.

   පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු.අලහාජ් එම්.එච්.එම්. නවවි මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන පැවති අතර පුත්තලම සහකාර ප්‍රාදේශිය ලේකම්  එස්.පී. වීරසේකර මහතා, සමෘද්ධි කළමණාකරුවන් හා සමෘද්ධි සංවර්ධන නිලධාරින් ඇතුලුව සමෘද්ධි ප්‍රතිලාභීන් විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි විය

චින්තන රත්නායක
සමෘද්ධි ගමන සන්නිවේදක
පුත්තලම

No comments:

Post a Comment