Friday, October 13, 2017

රසවින්දනාත්මක වැඩ සටහන් තුලින් ළමා සමාජ තුල පිබිදීමක්


   ගිලිහී යන සමාජ සාරධර්මයන් රැක ගැනීම සහ මව්පියන් කෙරෙහි  දක්වන දයාව වැඩි දියුණු කිරීම තුලින් සමාජ දුර්විශමතාවන් විනාශ කිරීමට හැකි බව අප දන්නා සත්‍යයකි. ඒ අරමුන සාක්ශාත් කර ගැනීමට නම් ළමා මනස අප හදුනා ගත යුතුය. ඒ සදහා සුදුසුම තැන වන්නේ  ළමා සමාජයයි. 

   ඒ අනුව නියාගම ප්‍රාදෙශීය ලේකම් කොට්ඨාශය තුල පිහිටි සමෘද්ධි කැකුළු ළමා සමාජ  හරහා රසවින්දනාත්මක ජීවන රටාවක් තුලින් ළමා මනස ගොඩ නගමු මැයෙන් පවත්වන සුවිශේෂී සෞන්දර්යාත්මක චාරිකාවේ දෙවන   වැඩ සටහන පසුගියදා පොරවගම දකුන ග්‍රාම නිළධාරී වසමේ සමෘද්ධි ශාලාවේදී පැවැත්වුණි. සමෘද්ධි කැකුළු ළමා සමාජයේ සාමාජික සාමාජිකාවන් මෙන්ම දෙමව්පියන්ද මේ සදහා සහභාගි වී සිටීම විශේෂ සිද්දියක් විය. මෙය මෙම කොට්ඨාශයේ ළමා සමාජ සම්බන්ද කර ගනිමින් පැවැත් වූ දෙවන වැඩ සටහන විය. ඈත අතීතයේ  සිට මව්පිය ගුන දහම් යටතේ හැදී වැඩුනු ළමයා පසු කාලීනව ජාතියට, ආගමට ලැදි දූ පුතුන් බවට පත් විය. එදා ඇසුනු දරු නැළවිලි ගී අද අසන්නට නැත. එසේම මව් ගුණ ගී, පිය ගුණ ගී අද ළමා සිත් සතන් තුල රැදී නොමැත. ඒ පිළිබදව මෙම වැඩ සටහන හරහා හොද පනිවිඩයක් ලබා දීමට මෙය බොහෝ උපකාරී විය. අද ළමා පරපුර විනාශයක් අබියස සිටින බැවින් නොපමාව දෙමව්පියන්ගේ වගකීම මේ ව්‍යසනයෙන් ළමා පරපුර බේරා ගැනීම බව මෙහි දී පැහැදිලි කර දෙන ලදි. 

   මෙම වැඩ සටහන සංගීතමය රසයෙන් ඉදිරිපත් කිරීමට සංගීත විශාරද සශිකා වීරසිංහ මෙනෙවිය සමත් වූවාය. ළමා හිමිකම් ප්‍රවර්ධන නිළධාරී ඉරේෂා ගමගේ මහත්මිය විසින් මේ සදහා සුවිශේෂි අනුග්‍රහයක් දැක්වූ අතර ළමා සමාජ දරු දැරියන් උදෙසා ත්‍යාග පිරිනැමීමක් ද සිදුකෙරුණි. පොරවගම දකුණ වසමේ සමෘද්ධි සංවර්ධන නිළධරී එච්.වී. ශාන්තී මල්ලිකා මහත්මිය විසින් මෙය සංවිධානය කර තිබුණි.

බී.එච්.ඒ. ප්‍රසන්න
සමෘද්ධි සන්නිවේදක
නියාගම

No comments:

Post a Comment