Tuesday, October 31, 2017

පොළොන්නරුව සමෘද්ධි නිලධාරින්ට කාර්යාල කටයුතු හා ආයතනික කටයුතු පිළිබදව පුහුණුවක්


  සියළුම රාජ්‍ය නිලධාරීන් ආයතන සංග්‍රහය,මුදල් රෙගුලාසි, චක්‍රලේඛණ, විවිධ අණ පනත්, අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු ප්‍රධානීන් විසින් කලින් කලට නිකුත් කරන නියෝග වලට අවනතව තමාවෙත පවරා ඇති රාජකාරී විධිමත්ව නොපිරිහෙලා තම සේවාලාභීන් වෙනුවෙන් ඉටුකල යුතු බවත්, තම සේවාලාභින්ගේ අවශ්‍යතා නොපිරිහෙලා ඉටුකිරිම ඔවුන් ලබන ආත්මතෘප්තියතුල තමාටද පුණ්‍ය කර්මයක් ලැබෙනවා...... පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පරිපාලන නිලධාරී තිස්ස දයාරත්න මහතා  මේ බව ප්‍රකාශ කරන ලද්දේ 2017.10.31 දින තමන්කඩුව ප්‍රාදේශිය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ සමෘද්ධි නිලධාරින් සදහා පැවති පුහුණු වැඩසටහනේදීය.

   දිස්ත්‍රික් සමෘද්ධි ආයතන අංශය මගින් සංවිධානය කර තිබූ මෙම පුහුණු වැඩසටහනේදී කාර්යාල ක්‍රම, කාර්යාලක්‍රම මූලධර්ම, කාර්යාලයක ලිපිගොනු පවත්වාගෙන යෑම, ලිපිගොනු ගත කිරිමේ අවශ්‍යතාවය, සාමාන්‍ය හැසිරිම හා විනය පිළිබදව මෙන්ම නිවාඩු පිළබදවද දැනුවත් කරන ලදි.

   මෙම අවස්ථාවට ඇලහැර හා මැදිරිගිරිය සමෘද්ධි කලමණාකාර මහත්ම මහත්මීන් මෙන්ම කේෂ්ත්‍ර, මූලස්ථාන හා සමෘද්ධී බැංකු සමිතිය නියෝජනය කරමින්  සමෘද්ධි සංවර්ධන නිලධාරි මහත්ම මහත්මීන් සහභාගීවි සිටි අතර පොළොන්නරුව දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂක තුමාගේ මගපෙන්විම මත ආයතන අංශභාර කලමණාකරු ඩි.එම්. කරුණාවති මහත්මිය හා විෂය ලිපිකරු එම්.පි.එල්. කුමාරි මහත්මිය විසින් සංවිධානය කරන ලදි.  

ඩි.එම්.පි.කේ. දිසානායක
එම්.පි.ඩබ්. මල්කාන්ති දිසානායක
සමෘද්ධි ගමන සමූහ සංනිවේදක
පොළොන්නරුව

No comments:

Post a Comment