Wednesday, November 1, 2017

දෙද්දුව ග්‍රාම නිලධාරි වසමේත් වැඩිහිටි උත්සව


   ලෝක ළමා දිනය හා ලෝක වැඩිහිටි දිනයට සමගාමීව බෙන්තොට දෙද්දුව ග්‍රාම නිලධාරී වසමේ සමගි වැඩිහිටි සමිතිය මගින් උත්සවයක් සංවිධානයකරන ලදී. මෙහිදී වැඩිහිටියෙකුට සලකන අාකාරය හා ඔවුන් රැකබලා ගැනිම හා ඔවුන්ට ගරැ බුහුමන් කිරිම පිළිබඳව හරවත් දේශනයක් ගෝනපීනුවල සමාජ සේවා නිලධාරි විසින් සිදු කරන ලදී. තවද නැටුම්, ගැයුම්, හිටිවන කවි ගායනා කිරිම ද විශේෂයෙන් කැපි පෙනුනි. මේ සදහා ග්‍රාම නිලධාරි තුමා සමෘද්ධි නිලධාරි තුමා අාර්ථික සංවර්ධන නිලධාරි තුමා අැතුලු ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ නිලධාරින් සහභාගි වන ලදි. තවද මෙදින ඔවුන්ට දවස පුරා අවශ්‍ය අාහාර පානද ලබා දෙන ලදි.

කේ.ඒ. මොනිකා කැලන්
සමෘද්ධි සන්නිවේදක
බෙන්තර

No comments:

Post a Comment