Saturday, October 21, 2017

ගාල්ල දිස්ත්‍රික්කයේ සමෘද්ධි බොජුන් හලට සුභ මොහොතින් මුල් ගල්


   19 වන දින පෙරවරුවේ උදාවු සුභ මොහොතින් ගාල්ල දිස්ත්‍රික්කයේ සමෘද්ධි බොජුන් හල සඳහා මුල්ගල් තැබීම බද්දේගම සමෘද්ධී බැංකු සමිති භූමියේදී සිදු කරන ලදී. පෙරවරු 8.58 ට යෙදුණු සුභ මොහොතින් අත්තිවාරම් කැපීම සිදුකරන ලද්දේ වරාය හා නාවික කටයුතු ගරු නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මැතිතුමාගේ සුරතින්ය.

   බද්දේගම ප්‍රාදේශිය ලේකම් හිමාලි රත්නවීර මැතිණිය සහ දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ දිස්නා විතානගේ මැතිණිය ද මෙම අවස්ථාවට සහභාගි වූ අතර සමාජ සංවර්ධන අංශය මඟින් රුපියල්  677260.00 ක මුදලක් මෙම වැඩසටහන සඳහා ලබා දි තිබුණි. හික්කඩුව බද්දේගම අධිවේගී ප්‍රවේශ මාර්ගයේ පිහිටා ඇති මෙම ස්ථානයේ අලෙවි කුටි 10  ඉදිකිරීමට සැලසුම් කර ඇති අතර බ්‍රතිලාභීන් 20 දෙනෙකුට අලෙවි අවස්ථා උදා කර දීමට  සැලසුම් කර ඇත.

   මෙම ව්‍යාපෘතියේ ඉඳිකිරීම් බද්දේගම ව්‍යාපාරික සංගමයේ මැදිහත්වීමෙන් සිදුකරන අතර ඉඳිකිරීම් දෙසැම්බර් මස වන විට නිම කිරීමට බලාපොරොත්තු වන බව දැන ගන්නට ලැබුණි. මෙම අවස්ථාවට කොට්ඨාසයේ නිලධාරීන් මෙන්ම ප්‍රතිලාභීන් විශාල පිරිසක් එක්ව සිටිනු දැක ගත හැකි විය.

ප්‍රියන්ත කාරියවසම්
චන්ද්‍රසිරි එදිරිසිංහ
ගමන සමූහ

No comments:

Post a Comment