Wednesday, October 25, 2017

සාහිත්‍ය කලා මහෝත්සවය උත්කර්ෂවත් අයුරින්


    ම්බලන්ගොඩ ප්‍රාදේශිය ලේකම් කාර්යාලය මගින් සංවිධානය කල සාහිත්‍ය උත්සවය මෙවර අති උත්කර්ෂවත් අයුරින් ගරු දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ජි.ඩබ්. ෂාන් විජයලාල් ද සිල්වා, ප්‍රාදේශිය සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති ඩෙනට් පනියන්දුවගේ මැතිතුමන්ලාගේ සහභාගිත්වයෙන් (19) වන දින අම්බලන්ගොඩ නගර ශාලාවේ දි පවත්වන ලදි.

    මේහිදි අම්බලන්ගොඩ ප්‍රදේශයට ආවේණික වු කෝලම් නැටුම් සම්ප්‍රධායට අදාල නර්ථන කිහිපයක් ද එක් කල තිබු අතර එය ප්‍රක්ෂකයින් අමන්දානන්දයට පත්කල අවස්ථාවක් විය. සාහිත්‍ය කලාව සම්බන්ධව විශේෂ දේශණය පන්නිපිටිය ධර්මපාල මහා විද්‍යාලයේ සංගිත අාචාර්ය ඩිලාන් වික්‍රමසිංහ මහතා විසින් පවත්වන ලදි.

   මෙම අවස්ථාවට අම්බලන්ගොඩ ප්‍රාදේශිය ලේකම් එච්.කේ. සරසි එස්. ගුණසේකර, සමෘද්ධි මුලස්ථාන කළමනාකරු ඩබ්.ඒ. නිහාල් චන්ද්‍රසිරි, පරිපාලන ග්‍රාම නිලධාරි නිමල් කනකරත්න, කාර්යාල නිලධාරින් හා සාහිත්‍ය  පිළිබද උනන්දුවක් දක්වන විශාල පිරිසක්ද සහභාගි වන ලදි.

ජේ.පි. රුවන් ප්‍රසාද්
සමෘද්ධි සන්නිවේදක
අම්බලන්ගොඩ

No comments:

Post a Comment