Wednesday, October 25, 2017

පාලින්දනුවර තුන් නිවුන් දරුවන්ට ඇමැති එස්.බී.ගෙන් නව නිවසක්


    පාලින්දනුවර කල්ලෙවත්ත, කෙලිංකන්ද ප්‍ර‍දේශයේ පදිංචි පී.වී. විශ්මි මේඛලා (19) හා රෂාන් නිමේෂ් (21) යුවලට දාව බිහිවූ තුන් නිවුන් දරුවන්ගේ සුව දුක් බැලීමට පසුගිදා ( 20 ) ඇමැති එස්.බී.දිසානායක මහතා හොරණ මූලික රෝහලට පැමිණියේය.

    රෝහලේදී මව හා දරුවන්ගේ සුව දුක් විමසූ ඇමැතිවරයා දරුවන්ගේ කටයුතු වෙනුවෙන් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ ඇති සමාජ ආරක්ෂණ අරමුදලින් මසකට රු. දස දහසක් බැගින් වසරක් පුරා ලබාදෙන්නටත්, මාපිය යුවලට නව නිවසක් තනා දෙන්නටත්, සමෘද්ධි සහනාධාරය හා ඉදිරියේදී අවශ්‍යවේනම් වෛද්‍ය නිර්දේශ මත කිරිපිටි සඳහා මූල්‍යාධාර ලබා දෙන්නටත් පොරොන්දු විය. 

   හොරණ කළාපයේ සමෘද්ධි අධ්‍යක්ෂිකා උදයංගනී මහත්මියගේ සම්බන්ධීකරණයෙන් අද හොරණ මූලික රෝහලේදී ඇමැතිවරයා විසින් තුන් නිවුන් දරුවන්ගේ මවට රු. දස දහසේ චෙක්පතක්ද මවට හා දරුවන්ට අවශ්‍ය තෑගි බෝග රැසක්ද පිරිනමන ලදි. 

   මේ අවස්ථාව සඳහා හොරණ රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය තමර කළුබෝවිල මහතාද, සමෘද්ධි අධ්‍යක්ෂිකා උදයංගනී මහත්මියද එක්වූහ. (තොරතුරැ අමාත්‍යවරයාගේ සමාජ ජාල පිටුවෙන්)

ප්‍රදීප් චන්දන නානායක්කාර

No comments:

Post a Comment