කරන්දෙනිය කොට්ඨාශයේ ඌරගස්මන්හන්දිය, කුරුදුගහහැතැක්ම සහ කරන්දෙනිය නගරාශ්‍රිතව මෙන්ම ඉහළ පන්තිවල අධ්‍යාපනය ලබන දරුවන් ඉලක්ක කොට ජාවාරම්කරුවන් ක්‍රියාත්මක වී සිටින බැවින් මත්ද්‍රව්‍ය උවදුරට ප්‍රජාව ගොදුරුවීම වලක්වා ගැනීමට දැනුම්වත් කණ්ඩායමක් සූදානම් කිරීම වෙනුවෙන් එක්දින පුහුණු වැඩසටහනක් කරන්දෙනිය මඩකුඹුර සිරි අභයතිස්ස පිරිවෙන් ශාලාවේදී පැවැත්විණි.
මත්ද්‍රව්‍ය භාවිතය මෝස්තරයක් වී තිබෙන වර්තමානයේ බොහෝවිට ජාවාරම්කරුවන් සිය ඉලක්ක සහ ක්‍රමවේදයන් කාලානුරූපව සහ ස්ථානීය වශයෙන් වෙනස් කරමින් සමහරවිට නීතියේ සහනයන් පවා අයතාලෙස ලබා ගනිමින් ඉතාම සංවිධානාත්මකව ව්‍යාපාරය මෙහෙයවීම නිසා මත් නිවාරණ කටයුත්ත දැනුම්වත්ව උපායශීලීව කලයුත්තක් බැවින් මෙම පුහුණුවීම අතිශයින්ම වැදගත් බව පුහුණුලාභී සිරි අභයතිස්ස මහ පිරිවෙන්පති පූජ්‍ය පණ්ඩිත ගිනිගල්පෙදෙසේ සුධ්ම්ම හිමියන්ගේ අදහස විය.
හෙල්දි ලංකා ආයතනය සම්පත්දායකත්වයෙන් වැඩසටහන සදහා එක්වූ අතර ගෞරවණීය විහාරාධිපති ස්වාමීන්වහන්සේලා තෙනමක් සමග දහම් පාසල් ගුරුවරුන් සහ සිප්සියපත් අධ්‍යයන කවය ඇතුළු ප්‍රජා සංවිධාන නිලධාරීන් පිරිසක් මෙම වැඩසටහනට ඉලක්ක කණ්ඩායම විය.
මත්නිවාරණ කටයුතු සදහා නීතිය ක්‍රියාත්මක කරන ආයතන භාවිතා කරන්නේ කෙසේද?, මත්ද්‍රව්‍ය භාවිතය ආශ්‍රිතව අභිප්‍රේරණයන් බැහැර කිරීම පිලිබඳව සහ ගෘහාශ්‍රිතව මත් නිවාරණය වෙනුවෙන් කලහැකි බලපෑම් කවරේද? යන මාතෘකා ඔස්සේ දේශන සහ ක්‍රියාකාරකම් ඇතුළත් විශේෂ පුහුණු සැසියක් ලෙස මෙම වැඩසටහන සංවිධානය කොට තිබූූ අතර දිස්ත්‍රික්කයේ ඕනෑම කණ්ඩායමක් වෙනුවෙන් තම සේවය ලබාදීමට සූදානම් බව වැඩසටහන් සම්බන්ධීකාරක රඛිත මුණසිංහ මහතා අප සමග පැවසීය.
සමෘද්ධි සන්නිවේද
කරන්දේණිය
No comments:
Post a Comment