Tuesday, November 14, 2017

මත්ද්‍රව්‍ය හා දුම්වැටි නිවාරණය තුලින් ළමා පරපුරක්


 නෙළුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ සමෘද්ධි සමාජ සංවර්ධන අංශය මගින් සංවිධානය කරන ලද මත්ද්‍රව්‍ය හා දුම්වැටි නිවාරණය තුලින් ළමා පරපුරක් යන තේමාව යටතේ ලංකගම මහා විද්‍යාලයේදී පවත්වන ලද දැනුවත් කිරීමේ වැඩසටහනක් 2017/11/10 වන දින පාසල් ළමුන් 150 ක පමන සහභාගිත්වයෙන් විදුහල් ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී. 

  මේ සදහා සම්පත් දායකයින් වශයෙන් දිස්ත්‍රික් ප්‍රජා සම්බන්ධීකරණ නිලධාරී කේ.පී.කේ. ග්‍රේෂන් මහතාගේ සහ මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානයේ නිලධාරින් සහභාගී වන ලද අතර නෙළුව ප්‍රාදේශිය ලේකම් සී.බි.කේ. ජානක ගුරුසිංහ මහතාගේ මග පෙන්වීම මත මූලස්ථාන කළමණාකරු එච්.එල්. ලිලේන්ද්‍ර සහ සමිති කළමණාකරු අමිතා කොඩිතුවක්කු මහත්මියගේ උපදෙස් පරිදි සමාජ සංවර්ධන සහකාර එච්.ජී.ඒ. ප්‍රසන්න විසින් වැඩසටහන සංවිධානය කරන ලදී. 

එච්.ජී.ඒ. ප්‍රසන්න
සමෘද්ධි සන්නිවේදක
නෙළුව

No comments:

Post a Comment