Thursday, November 30, 2017

තරුණ ප්‍රජාවට උපදේශණය හා ආකල්ප සංවර්ධනය


   රන්දෙනිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ එක් වසමකින් තිදෙනෙකු බැගින් තෝරාගත් අඩුආදායම්ලාභී තරුණ තරුණියන් පිරිසක් සහ රාජ්‍ය නිලධාරීන්ද ඇතුළත් 160ක කණ්ඩායමක් වෙත වෘත්තීය මාර්ගෝපදේශනය සහ ආකල්ප සංවර්ධනය වෙනුවෙන් දැනුම සහ කුසලතා වර්ධන එක්දින වැඩමුළුවක් සමෘද්ධි සමාජ සංවර්ධන පදනමේ සංවිධානයෙන් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

   ආකල්ප සංවර්ධන වැඩසටහන ප්‍රවීණ ධර්මදේශක පූජ්‍ය පණ්ඩිත පිටිගල ධම්මවිනීත හිමියන් විසින් මෙහෙයවන ලද අතර ජීවිතය ජයගැනීමට මාර්ගෝපදේශනය පිලිබඳව වැඩසටහන අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ විදුහල්පති හසිත කේසර වෙත්තමුණි මහතා විසින් මෙහෙයවන ලදි. ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ වැඩසටහන් නිලධාරී දිලූප මහලියන මහතා කරන්දෙනිය නිපුණතා සංවර්ධන නිලධාරී චමින්ද වැදිසිංහ මහතාගේ මෙහෙයවීමෙන් සිය ආයතනයන්හි පවත්වාගෙන යන වෘත්තීය පුහුණු පාඨමාලා හදුන්වා දෙමින් වෘත්තීය මාර්ගෝපදේශනය වෙනුවෙන් පැහැදිලි කිරීමක් කරන ලදි. 

   ගරුතර ස්වාමීන්වහන්සේ සහ විදුහල්පතිතුමා සිය අත්දැකීම් පාදක කොට අධ්‍යාපනික,ආර්ථික සහ සමාජීය වශයෙන් ජීවිතය ජයගැනීමට ගැටළු නිරාකරණය කරමින් අභියෝග ජයගනිමින් ඉදිරියට යන අයුරු ඉතාම ගැඹුරින් අවබෝධ කොට දුන්හ. මෙම අවස්ථාවට සහභාගී වූ ප්‍රාදේශීය ලේකම්තුමා පිළිගැනීම සහ අරමුණ පැහැදිලි කල අතර සහකාර ප්‍රාදේශීය ලේකම්තුමිය ඇතුළු නිළධාරීන් විශාල පිරිසක් වැඩසටහනට සහභාගී විය.

එල්.පී. වසන්ත කුමාර
සමෘද්ධි සන්නිවේදක
කරන්දේණිය

No comments:

Post a Comment