Friday, December 29, 2017

කැකුළු ප්‍රවර්ධන ඇගයීම


    කරන්දෙනිය කොට්ඨාශයේ සමෘද්ධි කැකුළු ළමා සමාජ සාමාජික ප්‍රවර්ධන සහ ඇගයීම් උළෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී ප්‍රාදේශීය ලේකම් අයි.එස්. සමරකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්විණි. මෙහිදී 2017 වසර පුරාවට ළමාවිය සංවර්ධන වැඩසටහන් ග්‍රාම නිළධාරී වසම් සහ බැංකු මට්ටමින් ක්‍රියාත්මක කරන ලද අතර එම වැඩසටහන් ඇසුරේ මෙම ඇගැයුම් උළෙල සංවිධානය කොට තිබිණ.

01.බැංකු මූල්‍ය අංශය මගින් 2017 ජාත්‍යන්තර ළමා දිනය ඉලක්ක කොට පවත්වන ලද කැකුළු ළමා ගිණුම් තැන්පත් ප්‍රවර්ධන වැඩසටහනේ ඉලක්ක සපිරූ දරුවන් වෙත ත්‍යාග ප්‍රධානය 

02.සමෘද්ධි කැකුළු සාහිත්‍යය හා සංසංස්කෘතික තරගාවලියේ කලාප / ප්‍රාදේශීය / දිස්ත්‍රික් සහ ජාතික මට්ටමේ ජයග්‍රාහකයින් වෙත ත්‍යාග සහ සහතිකපත් ප්‍රධානය කිරීම 

03.2017 ළමා තරගාවලියේදී අගුලුගල්ල වසමේ ප්‍රභාත් නිම්සර විසින් ළමා කතන්දර නිර්මාණ තරගය සදහා රචිත කතා කරන්න බැරි හින්දා ළමා කතාව එම තරගාවලියේ චිත්‍ර අංශයේ ජයග්‍රාහී සදලි හංසිකා ජයවර්ධන දියණියගේ චිත්‍ර වලින් හැඩගන්වා පොතක් ලෙස එලිදැක්වීම

    කතන්දර පොත පිලිබඳ හැදින්වීමේ දේශනය ප්‍රාදේශීය ලේකම්තුමා පැවැත්වූ අතර ජාතික සාහිත්‍යය සහ බුදුදහමේ අනන්‍යතාව වෙනුවෙන් ළමා සමාජ කාර්යභාරය මැයෙන් දේශනය විචිත්‍ර ධර්ම දේශක පූජ්‍ය පණ්ඩිත පිටිගල ධම්මවිනීත හිමියන් විසින් පවත්වන ලදි.

    අවස්ථානුකූලව දරුවන්ගේ දක්ෂතාද ඉදිරිපත් කරමින් පැවැත්වූ මෙම උත්සව අවස්ථාවට කරන්දෙනිය සහකාර ප්‍රාදේශීය ලේකම් ආර්.ටී.එස්. චන්දිමා මහත්මිය සමග සියළුම සමෘද්ධි කළමණාකරුවන් සහ නිලධාරීන්ද, දෙමාපියන් විශාල පිරිසක්ද සහභාගී වූහ.

එල්.පී. වසන්ත කුමාර
සමෘද්ධි සන්නිවේදක
කරන්දේණිය

No comments:

Post a Comment