Monday, January 22, 2018

බුලත් ගමේ අස්වනු නෙලීම අරඹයි


   ක්කලමුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ආදර්ශ ගම්මාන ලෙස ක්‍රියාත්මක ග්‍රාම නිලධාරි වසම් තුනකින් සැදුම්ලත් බුලත්ගමේ බුලත් වගා කිරිම 2017.09.10 දින ගාලු දිස්ත්‍රික් ලේකම්තුමාගේ සුරතින් පලමු බුලත් පැළය සිටුවා වගාව ආරම්භ  කරන ලදි.

    2018.01.18 දින බුලත් වගාවන්හි පලමු අස්වනු නෙලීම ආරම්භ කරන ලද්දේද දිස්ත්‍රික් ලේකම් තුමා රෝපණය කල පලමු බුලත් වැලෙන් වීම විශේෂත්වයක් විය. මෙයට අමතරව මෙම ගම්මානයේ රුපියල් ලක්ෂ දොලහක් වැයකර දුෂ්කර මාර්ගයක් කොන්ක්‍රීට් කර ජනතා අයිතියට ලබා දුන් අතර ඉතා දිලිදු පවුල් හතරකට නිවාස හතරක් සාදාදිමේ අවසන් අධියරට ද පැමිණ ඇත.

    මෙම මංගල අස්වනු නෙලීමේ අවස්ථාවට යක්කලමුල්ල ප්‍රාදේශීය ලේකම් චන්දිම මුහන්දිරම් මැතිතුමා සහභාගී වීම වගා කරුවන්ගේ සතුටට හේතු වූ අතර මුලස්ථාන සමෘද්ධි කළමණාකරු අනුර මහතා, මහා සංගම් අධ්‍යක්ෂිකා තුෂාන්ති මිය, ආනන්ද මායාකඩුව පොන්සේකා මිය, කලාප කළමණාකාර පත්මසිරි මහතා, සංවර්ධන නිලධාරීන් වන නීල් ජයලත්, ගාමිණී  දිසානායක, රංජිත් යන අයද  සහභාගී වීම ගම් වැසියන්ගේ ද පැසසුමට ලක්විය.

ජේ.එල්. ගාමිණී
සමෘද්ධි සන්නිවේදක
යක්කලමුල්ල

No comments:

Post a Comment