Sunday, May 21, 2017

නියාගම සමෘද්ධි කැකුළු ළමා සමාජ පිහිටුවයි

      සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් සමෘද්ධි ළමා සමාජ පිහිටුවීමට අදාල චක්‍රලේඛ උපදෙස් අනුව නියාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුල සමෘද්ධි කැකුලු ළමා සමාජ පිහිටුවීම මේ දිනවල සිදු කර ගෙන යනු ලබයි. ප්‍රාදේශීය මහ ලේකම් එච්.බී.ජී. ප්‍රගීත් රසික කුමාර මැතිතුමාගේ උපදෙස් අනුව, සමාජ සංවර්ධන සහකාර චරිත් අසේල මනෝරත්න මහතාගේ මග පෙන්වීම යටතේ මෙම ළමා සමාජ පිහිටුවීම සිදු  කෙරේ.   

      මේ අනුව ළමා සමාජ ලියාපදිංචිය, ළමා සමාජ ව්‍යවස්ථාව සහ සමෘද්ධි කැකුලු ළමා සමාජ සංස්කෘතික හා සාහිත්‍ය ජාතික තරගාවලි සම්බන්දව දැනුවත් කිරීම් සිදු කෙරේ. ඒ අනුව මත්තක, පොරවගම දකුන සහ අමරගම ග්‍රාම නිළධාරී වසම් වල කැකුළු  ළමා සමාජ පිහිටුවන ලදි. මේ සදහා ළමුන්ගේ දැඩි උනන්දුවක් තිබූ අතර 31බී2 අමරගම වසමෙි ළමා සමාජ පිහිටුවීම 2017/05/21 දින සිරි අමරසිරි දහම් පාසල ආශ්‍රිත ප්‍රජා ශාලාවේදී පැවැත්වුණි. දහම් පාසැල් ළමුන්ද ඒකරාශී කර ගනිමින් පැවැත්වූ මෙම වැඩ සටහනට දහම් පාසැල් ප්‍රධානාචාර්‍ය ප්‍රියන්ත ජයසිංහ මහතා ඇතුළු  ආචාර්‍ය  මණ්ඩලයේ පූර්ණ අනුග්‍රහය ලැබී තිබුණි. 
    එහිදී සමෘද්ධි කැකුළු ළමා සමාජය සදහා නව නිළධාරි  මණ්ඩලයක් ද තෝරා පත් කර ගන්නා ලදි. මේ අවස්ථාව සදහා නියාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ළමා හිමිකම් ප්‍රවර්ධන නිළධාරී එම්.ජී. සදමාලී  මහත්මියද සහභාගි වූ අතර ඇයද පැමින සිටි ළමුන් අමතා විශේෂ දැනුවත් කිරීමක් සිදු කළාය. සමාජ සංවර්ධන සහකාර චරිත් අසේල මනෝරත්න මහතා විසින් ළමා සමාජය පිහිටුවීම සම්බන්ද සියලු කරැණු සභාවට ඉදිරිපත් කල අතර, සමෘද්ධි සංවර්ධන නිළධාරී බී.එච්.ඒ. ප්‍රසන්න මහතා මෙය සංවිධානය කර තිබුණි.
     
     
        බී.එචි.ඒ.  ප්‍රසන්න                                
        සමෘද්ධි සන්නිවේදක -
        නියාගම

No comments:

Post a Comment