Tuesday, January 2, 2018

සතුටු සිනහමැද සමුදුන් දහ හත

    
 මන දුෂ්කරය නමුත් ප්‍රිය ජනකය, පුරා වසරක් සමෘද්ධියේ ඉලක්ක මින්සුන් සමග තම නිලධාරින් හා දුක සැප බෙදාගෙන තවත් වසරකට නවුම් බලාපොරොත්තු පොදි බැදගෙන පා තබන්නට සැරසෙන මොහොතේ මණ්ඩලගිරිය කලාපයේ සමෘද්ධි සංවර්ධන නිලධාරි ගාමිණි උදය කුමාර මහතාගේ යෝජනාවකට අනුව කලාපයේ සියළු සමෘද්ධි නිලධාරින්ගේ සහභාගිත්වයෙන්  2017 වසරට සමුදීමේ උත්සවයක් පසුගියදා පැවැත්විණී. මෙම අවස්ථාවට මැදිරිගිරිය සහකාර ප්‍රාදේශීය ලේකම් තුමා ඇතුළු සැලසුම් අධ්‍යක්ෂක, ගණකාධිකාරී, මුලස්ථාන කලමණාකරු, බැංකු සමිති කලමණාකරු මහත්ම මහත්මින් සහ මණ්ඩලගිරිය හිටපු කලමණාකරු බණ්ඩාර මහතාද සහභාගී වන ලදි.

   මෙම අවස්ථාවේදී පිළිගැනිමේ කතාව කරමින් මණ්ඩලගිරිය කලමණාකරු එල්.ටි.එස්. කුමාරි මහත්මිය කියා සිටියේ සෑම වසරකම අවුරුද්ද අවසානයේ මෙවැනි උත්සවයක් පවත්වන බවත්, මෙම වසරේදී එම උත්සවයට එකතු කිරීමක් කරමින් වසරේ පවත්වන ලද විවිධ වැඩසටහන් වලදි  ඉලක්ක සපුරාදුන් නිලධාරින් ඇගයිමකට ලක්කරන බවයි.

   මෙසේ ඇගයීමට ලක්වූයේ අළුත් අවුරුදු ගණුදෙණු වෙනුවෙන් සමෘද්ධි සංවර්ධන නිලධාරින්වන ආර් ඩි නිමල් රාජමුණි, එම්.අයි.ජි.ජයසේන යන අයයි. කොඩි අරමුදල් ඒකරාශි කිරිම වෙනුවෙන් ගාමිණි උදය කුමාර, ප්‍රේමා විජේසූරිය, අතුල සිරි කුමාරත් ලෝක ළමා දිනය වෙනුවෙන් ඩි.එම්.පි.කේ. දිසානායක, වජිරා මල්කාන්ති, ධම්මිකා කුමාරි ඒකනායක මහත්ම මහත්මීන් ඇගයිමට ලක්කල අතර කලාප සහකාර තිලකරත්න මහතා සහ බැංකු පරිඝණක ක්‍රියාකරවන්නන් වන චතුරිකා මහත්මිය හා දිල්රුක්ෂි මහත්මිය වසරක කැපවීම වෙනුවෙන් ඇගයිමට ලක්වන ලදි. මෙදින ප්‍රනීත දිවා ආහාර වේලකින්ද සියළුදෙනා රස විද 2017 වසරට සමුදෙන ලදි.

වජිරා දිසානායක
සමෘද්ධි ගමන සංනිවේදක
මැදිරිගිරිය.

No comments:

Post a Comment