Tuesday, January 2, 2018

සමෘද්ධි නිෂ්පාදනයන්ට අලෙවි ජාලයක්

අඛණ්ඩ පසුවිපරම පෙරට... දුප්පතුන්ගේ ජීවනෝපායට මුල්තැන.......

     ස්වශක්තිය හීනවීම තුල අද මිනිසා විවිධ ගැතිවීම් වලට ලක්වී ඇත. ඒ තුලින් සූරාකෑමට හසුවිම නිසා ඔවුන් විවිධවූ ප්‍රශ්ණ වලට මුහුණ දෙනවා. අද බොහෝ දෙනෙක් මේ නිසා දුප්පත් බවින් තෙරපී ඉන්නේ. සමෘද්ධි වැඩසටහන තුල අපි මේ මිනිසුන්ගේ විවිධවූ ප්‍රශ්ණ ගැටළු හදුනාගෙන ඔවුන්ට විශ්වාසනීය මග පෙන්වන්නෙක්  වශයෙන් තම රාජකාරිය කිරිම තුල ඔවුන් දුප්පත් කමින් මුදවා ගන්න පුලුවන්. සමෘද්ධි ගමනට අදහස් දක්වමින් 2018 වසරේ සියළුම දෙනාට සුභාෂිංශණ එක්කල පොළොන්නරුව අතිරේක දිස්ත්‍රික් ලේකම් පොළොන්නරුව දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂක ඩබ්.ජි.ඩබ්. වනසිංහ මහතා ප්‍රකාශ කරන ලදි. වැඩිදුරටත් සමෘද්ධි ගමනට අදහස් දැක්වූ ඒ මහතා කියා සිටියේ 2017 වසරේ මිලියන 20කට අධික මුදලක් ව්‍යවසායකත්ව සංවර්ධනය සදහා වියදම් කල බවත්, 2018 වසරේදී යටිතල පසහුකම් යටතේ සමෘද්ධි බැංකු ගොඩනැගිලි ඉදිකිරීම, ප්‍රතිසංස්කරණය කිරිම, බැංකු පරිඝණකගත කිරිමට අපේක්ෂා කරන බවයි.

   අතිගරු ජනාධිපති තුමාගේ දුප්පත්කම තුරන් කිරිමේ ඒකායන අපේක්ෂාව මත ජීවනෝපාය සංවර්ධන වැඩසටහන මගින් නිෂ්පාදන ගම්මාන ඇති කිරීම, තනි පුද්ගල ව්‍යාපෘති ශක්ත්මත්කර ආදායම් වර්ධනය තුලින් ඔවුන්ගේ ස්වශක්තිය වර්ධනය වීමෙන් ඔවුන්ම තනිවම නැගිටිම සදහා කටයුතු කරන බවත්, නිෂ්පාදන අලෙවි ජාලයක් මගින් මෙම වසරේදී ඔවුන්ගේ නිෂ්පාදන අලෙවිය සදහාද ක්‍රිමෝපායක් ඇති කිරීමට අපේක්ෂාව බවයි. එහි පලමු අදියර වශයෙන් මෙම වසරේදී  ගිරිතලේ  කොට්ඨාශයේ ආරම්භ කරන බවයි.

   මෙතෙක් ක්‍රියාත්මක කරනලද ව්‍යාපෘති පිලිබද සමෘද්ධි ගමන අධ්‍යක්ෂක තුමාගෙන් විමසීමේදී එතුමා කියා සිටියේ 2018 වර්ෂයේ සිට සියළු ජිවනෝපාය සංවර්ධන ව්‍යාපෘති අඛණ්ඩ පසුවිපරමක් සිදුකර එම දත්ත පරිඝණක ගත කරන බවයි.පරිසර හිතකාමී වැඩසටහන් යටතේ පොලිතින් ප්ලාස්ටික් ඇසුරුම් සමෘද්ධි වැඩසටහනේ උත්සව සදහා භාවිතා නොකරන බවත්, තේ සහ ඇසරුම් කල කිරි වෙනුවට ප්‍රතිලාභින්ගේ දියර කිරි සදහා ප්‍රමුඛත්වය ලබාදී කටයුතු කිරිමට  2018 වසරේදී අපේක්ෂාව බවයි.

   දිස්ත්‍රික්කයතුල ක්‍රියාත්මක  විවිධවූ සමෘද්ධි වැඩසටහන් රටටම කියන්න සමෘද්ධි ගමන ඉදිරිපත් වීම පිලිබදවද  සමස්ථ කාර්ය මණ්ඩලයේම ස්තූතිය සමෘද්ධි ගමනට පුද කරන්නටද සමෘද්ධි අධ්‍යක්ෂක තුමා අමතක නොකරන ලදි.

ඩි.එම්.පි.කේ. දිසානායක
සමෘද්ධි ගමන දිස්ත්‍රික් සංනිවේදක
පොළොන්නරුව


No comments:

Post a Comment