Thursday, January 11, 2018

දහ අට වසක් සමාජ මෙහෙවරට කැපවී එක්තැන්වුනු විජෙරත්න


   මාජය සමග සමාජ මෙහෙවරක යෙදිම ඉතා අසීරුය. අද වැඩියෙන්ම පහරකන්නේ සමාජය වෙනුවෙන් තම ශක්තිය කාලය මිල මුදල් පවා පරිත්‍යාගයෙන් කැපකර සමාජයට නොමිලයේ සේවයක් කරන ගරු සමාජ සේවකයින්ය. රාජ්‍ය සේවකයා වැටුපක් වෙනුවෙන් තම සේවය ලබා දුන්නද සමාජ සේවකයා දහඩිය වගුරනුයේ තමන්ගේම එවුන් වෙනුවෙනි.වසර 18ක් ඉතා වටිනා විශිෂ්ඨ  සමාජ සේවයක් ඉටුකර අද ඔත්පලව ඇදට වී කාලය ගෙවන මැදිරිගිරිය 104 එකමුතුගම විජෙරත්න එදිරිසිංහ මහතා  හමුවීමට සමෘද්ධි ගමනද පියමැන්නේ එතුමා සමග දුක සැප බෙදාගැනීමේ අටියෙනි.

    අප එතුමා හමුවන විටත් ඇදට වී  තමන්ගේ තනිකම මකාගැනිමට මුහුණු පොත හා සම්බන්දව සිටි අතර මා දුටු විජේරත්න මහතා නෙතග කදුලක් පුරෝගෙන සතුට පෙන්විමට මුවගට සිනහවක් ගෙන රෝහලේ අපේ දිසානායක ලේකම් මහත්තයා ආයුබෝවන් යනුවෙන් ආමන්ත්‍රණය කලත්, ඒ සිනහව හා දෙනෙත තුල රදා පැවතියේ එක් වචනයකට සීමා නොවුනු හදවත ඇතුලේ තමන්ට ප්‍රකාශකල නොහැකි වචන දහසකි. දරුවන් තිදෙනෙකුගේ පියෙකි  විජෙරත්න මහතා.

   සමෘද්ධී සමිතිය, පාලක මණ්ඩලය, විධායක සභාව ඇතුළුව සමෘද්ධියට වසර 18ක් පමණ දුප්පතුන් වෙනුවෙන් තමන්ගේ කැපවිම කල විජේරත්න මහතා හදිසියේ ඇදට වූයේ බෙල්ලේ හටගත් ගෙඩියකිනි.මේ වන විට ශල්‍යකර්මයක් මගින් ගෙඩිය ඉවත්කර ඇතත් එම ගෙඩියේ ප්‍රතිඵලයක් ලෙස ඇවිදයෑමට නොහැකි බව විජෙරත්න මහතා අප වෙත ප්‍රකාශකරන ලදි.මැදිරිගිරිය මූලික රෝහලේ රෝහල් සංවර්ධන පදනමේ කළමණාකරණ කමිටුවේ ක්‍රියාකාරී සාමාජිකයෙකු වශයෙන් රෝහලේ සංවර්ධනය වෙනුවෙන්ද තම සේවය ලබාදී ඇති අතර මෙතෙක් කිසිවකු පැමිණ නොමැත.විශිෂ්ඨ සමාජ සේවකයෙකුගේ ජේෂ්ඨ හැකියාවක් ලෙස විජෙරත්න මහතාගෙන් සමෘද්ධි ගමන දුටුවේ.....  දිසානායක ලේකම් මහත්තයා දැන් කොහොමද මැදිරිගිරිය රෝහලේ සංවර්ධන වැඩ, මමත් සනීප උනහම ආයෙත් එනවා ඔයාලත් එක්ක රෝහලට උදව් කරන්න අපේ සමෘද්ධි දුප්පත් මිනිසුන්ට උදවිකරන්න.... හැගීම් සගවාගෙන සිනහවකින් හදවතින්ම පිටකල වදනෙනි...

   සම්බුදු සරණින් දෙවිරැක වරණින් ඉක්මන් සුවය ලැබේවායි පතමින් අපද එතුමා සමගින් නික්මුනේ විශිෂ්ඨ සමාජ සහෘදයෙකු අද ඇදට සීමාවීමේ දුකද දරාගෙනය........

ඩි.එම්.පි.කේ. දිසානායක
සමෘද්ධි ගමන දිස්ත්‍රික් සංනිවේදක
පොළොන්නරුව

No comments:

Post a Comment