Thursday, January 11, 2018

ගොවිතැන් ආරක්ෂාවට ප්‍රාදේශීය ලේකම් මැදිහත්වෙයි

වන අලි කරදරයට කඩිනම් විසදුම්

    මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ  97 වෙඩිකච්චිය ග්‍රාම නිලධාරී වසම නිරන්තර වන අලි හානි පිලිබදව සමෘද්ධි ගමනද රටටම කීවේ මෙම මස පලමු වෙනිදාය. 96 දිග්ගල්පුර, 99 වේදේහපුර, 93 නවනගරය, 92 කවුඩුලුවැව 98 ඇටඹඔය වසම්වල මෙම වන අලි කරදර නිසා තම ගෙවතු හානිවිමෙන් අපේ සංවර්ධන ඉලක්ක සපුරාගත නොහැකි වන අතර බෝග වගා කිරිම පමණක් නොව ඒවා රැකගැනීම සදහාද එකමුතුව වැඩකල යුතු බවත් මේ වන විට වෙඩිකච්චිය වසම් ඇතුළු අවට වසම් සදහා වන අලි කරදර වලට වනජීවි සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් විසදුම් ලබානොදීමෙන් ගොවි ජනතාව ඉතා අසරණ තත්වයට පත්ව ඇති බව එම වසමේ සමෘද්ධි නිලධාරී මහතා අද දින (09) පැවති  කෘෂිකර්ම කමිටු රැස්වීමේදී ප්‍රකාශකල අතර ප්‍රාදේශීය ලේකම් තුමිය කියා සිටියේ 104 එකමුතුගම වසමේ මෙතෙක්කල් පැවති ප්‍රශ්ණයක් මත අලි වැට ඉදිකිරිම එම ගම්මානයෙන් නතරවීම හේතුවෙන් මෙම වන අලි කරදර සිදුවන බවත්, එතුමියගේ පූර්ණ මැදිහත්විම මත ගම්වාසීන් සමග කල සුහද සාකච්චා මේ වන විට සාර්ථක වී ඇති බැවින් නතරවි ඇති අලි වැට කඩිනමින් ඉදිකිරීමට හැකි වන බවයි.

   විවිධ රාජ්‍ය ආයතනවල නිලධාරී මහත්ම මහත්මීන් මෙන්ම ගොවි සංවිධානවල ගරු නිළධාරි මහත්ම මහත්මීන් මෙම අවස්ථාවට සහභාගීවී සිටි අතර 2 වන පියවරට කවුඩුළුවැවෙන් ජලය සැපිමට නොහැකි බැවින් එම ගොවින් සදහා ගොඩ භෝගයක් වශයෙන් මුංඇට අක්කර 100ක වගා කිරිමට සැලසුම් කර ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරී මහතුන් ප්‍රකාශකරන ලදි. ගොවි මහතෙකු වන ධම්මික මහතා විසින් පශු සම්පත් මෙතෙක් දියුණු තත්වයට පත්වී නොමැති බැවින් ඒ සදහා නව තාක්ෂණික ක්‍රමෝපායන් යොදා ගැනිම සදහා අවශ්‍ය කටයුතු කරන ලෙස ඉල්ලා සිටි අතර කිරි ගොවි සමිති නිලධාරින්ද කෘෂීකර්ම කමිටු රැස්වීමට එක්කර ගන්නා ලෙසයි. පශු වෛද්‍ය නිලධාරී මහතා කියා සිටියේ  විවිධ වැඩසටහන් තුලින් අදාල ප්‍රතිලාභින් සදහා සතුන් ලබාදිමේදී එම අයට අවශ්‍ය පුහුණුවීම් නොදීමෙන් සතුන් මැරීයෑම හේතුවෙන් ව්‍යාපෘති අසාර්ථක වන බවයි.

වජිරා දිසානායක
සමෘද්ධි ගමන සංනිවේදක
මැදිරිගිරිය

No comments:

Post a Comment