Thursday, January 4, 2018

නව වසරේ වන අලිද වැඩ අරබයි


   මෘද්ධි දෙපාර්තමේන්තුව මහවැලි අධිකාරිය කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වැනි රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන තම ගෙවතු සංවර්ධනය සදහා විවිධ වැඩසටහන් මගින් ආධාර උපකාර කිරිමෙන් සහ තම උත්සාහයෙන් ජීවිතය ගැටගසා ගැනිම සදහා මින්සුන් බොහෝ වෙහෙසෙති. එවන් මිනිසුන් කොට්ඨාශයක් සිටින මැදිරිගිරිය 97 වෙඩිකච්චිය ග්‍රාම නිළධාරී වසම පැරණි ගම්මානයකි. එදා එල්.ටි.ටි සංවිධානයේ මිලේච්ච ක්‍රියාවන්ට බයේ ජීවිත අවදානමද නොතකා තම ගෙවතු සංවර්ධනය කලේ අනාගත පරපුරට යම් දෙයක් ඉතිරි කිරිමේ බලාපොරොත්තුවෙනි. ගණ වනාන්තරයට ආසන්නව පිහිටියත් එල්.ටි.ටි ක්‍රියාවන්ට හසුනොවුවත් අද වන අලි පහරදීම් හා ගෙවතු වලට පැමිණෙන වන අලි රංචූන් තම බෝග වගාවන් විනාශ කරනුයේ සිත්පිත් නැති වෘකයෙකු අහිංසක මුවෙකු දඩයම් කරන්නාක් මෙනි.

   සමෘද්ධි ගමන කැමරා කාචයට ජනවාරි පලමු වෙනි දින හසුවූයේ වන අලින් විසින් සමෘද්ධිලාභි පවුලක් වන සමගිපුර පදිංචි එච්.එම්. රණසිංහ මහතාගේ ගෙවත්තේ හොදින් ගෙඩි හටගෙන තිබූ පොල්ගස් 10කට අධික ප්‍රමාණයක් විනාශකර තිබූ ආකාරය සහ නිතරම වන අලි ගමන් කිරිමෙන් ගෙවත්තේ සෑදී ඇති පාරකි. අලි 09 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් නිතරම ගම්මානයේ ගැවසෙන බවත්, දුක් මහන්සියෙන් සංවර්ධනය කරන ගෙවතු විනාශ කරන බව පැවසූ රණසිහ මහතා මේ වන විට ගමිමානයේ වන අලි පහරදීම්ද සහ පොල් ගස් 100 කට අධික ප්‍රමාණයක් විනාශකර ඇති බවද පැවසීය. 

ඩි.එම්.පි.කේ. දිසානායක
සමෘද්ධි ගමන දිස්ත්‍රික් සංනිවේදක
පොළොන්නරුව

No comments:

Post a Comment