Thursday, January 4, 2018

සමෘද්ධි ප්‍රජාමූල නිලධාරින්ට ගිණුම්කරණ පුහුණුවක්


   දිළිදුකම පිටුදැකිම වෙනුවෙන් ආරම්භ කර ඇති සමෘද්ධි ව්‍යාපාරය ඒ අරමුණු ජයගැනිම සදහා  වසරින් වසර විවිධ වු නව්‍යතාවයෙන් වැඩ සටහන් සංවිධානය කරමින් ඒ දැවැන්ත අභියෝභය ජය ගැනිම සදහා ගන්නා වු උත්සාහය අතිමහත්ය. ග්‍රාමිය මට්ටමේ සිටින අඩුඅදායම්ලාභින් සහ සමෘද්ධිලාභින්ගේ ජීවන මට්ටම ආර්ථික හා සමාජිය වශයෙන් ඉහල දැමිම සදහා මේ වන විටත් අලුත් සංවිධානයක් ගමතුල බිහිකර ඇත. ඒ සමෘද්ධි ප්‍රජාමූල සංවිධාන බිහි කිරිම තුලිනි. මේ වන විට ග්‍රාමිය මට්ටමේ සිට ජාතික තලය දක්වා මෙම සංවිධාන බිහිවි ඇති අතර ඒ තුලින් අඩු ආදායම්ලාභින්ට අවශ්‍ය ක්ෂණික ණය පහසුකම් ගම තුලදිම ලබාදීම සිදුවේ.

   ප්‍රජා සංවිධාන තුල කටයුතු කිරිමේදි නිවැරදිව ගිණුම් පොත් පවත්වා ගෙන යාම අතිශ්‍ය වැදගත් වේ. ඒ වෙනුවෙන් සමෘද්ධි ප්‍රජාමූල සමිති නිළධාරින්ට අවශ්‍ය නිවැරදි ගිණුම්කරණ ක්‍රියාවලිය පිළිබද හා වෘත්තිය මාර්ගෝපදේශණ පිලිබද වැඩ මුළුවක් පසුගිය දා  ඉමදුව ප්‍රාදේශිය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදි  පැවැත්විණ. සමෘද්ධි සමාජ සංවර්ධන අංශය මගින් සංවිධානය කර තිබු මෙම වැඩ මුළුව හික්කඩුව ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ ගණකාධිකාරි සමන් ප්‍රියදර්ශණ මහතා විසින් පවත්වන ලදි. සමිතියක් තුල පවත්වා ගෙන යායුතු පොත්පත් හා නිවැරදිව වවුචරයක් සකස් කර ගන්නා ආකාරය පිලිබදවත් නිවැරදි ගිණුම්කරණ ක්‍රියාවලිය තුලින් සාර්ථකව සමිතියක් පවත්වා ගෙන යාම පිලිබදව ප්‍රායෝගිකව පුහුණුව ලබාදෙමින් සාර්ථකව වැඩ මුළුව පවත්වන ලදි.

   සියලුම වසම්වල ප්‍රජාමූල සමිති සභාපතිවරු, ලේකම්වරු සහ භාණ්ඩාගාරිකවරු මෙම වැඩ සටහන සදහා කැදවා තිබු අතර සහකාර ප්‍රාදේශිය ලේකම් සුවිනි සුලෝචනා මහත්මිය, මුලස්ථාන කලමණාකරු ආනන්ද දිසානායක, සමෘද්ධි මහ සංගම් අධ්‍යකෂ කේ.එච්.වි. ලක්ෂමන් සහ සමාජ සංවර්ධන සහකාර නිශාන්ත සුදුසිංහ යන මහත්වරු මෙම අවස්ථාවට සහභාගිවි සිටියහ.

නිශාන්ත සුදුසිංහ
සමෘද්ධි සන්නිවේදක
ඉමදුව

No comments:

Post a Comment