Tuesday, May 1, 2018

අඩු ආදායම්ලාභි පවුල් 500 කට වියලි ආහාර හැටන් තරුණ බෞද්ධ සංගමයෙන්


  31 වන වරටත් පවුල් 500 ට  සතියකට ප්‍රමාණවත් වියලි සලාක හා උසස් අධ්‍යාපනය හදාරන සිසුන්ට ශිෂ්‍යත්ව ප්‍රධානය කෙරේ අඩු ආදායම්ලාභි පවුල් 500 ක් සදහා වියලි ආහාර බෙදා දිම හැටන් තරුණ බෞද්ධ සංගමය විසින් සිදුකරන ලදි.

   වෙසක් පුර පසලොස්වක පෝය දිනයට සමගාමිව හැටන් තරුණ බෞද්ධ සංගමය විසින් ප්‍රදේශයේ තෝරාගත් උසස් අධ්‍යාපනය හදාරන ශිෂ්‍ය ශිෂාවන් සදහා ශිෂ්‍යත්ව ප්‍රධානය කිරිම හා අඩු ආධායම්ලාභි පවුල් 500 ක් සදහා වියලි ආහාර ද්‍රව්‍ය බෙදාදිම 30 වන දා උදෑසන සිදුකරන ලදි.මෙවර මෙම පුණ්‍යකර්මය සිදුකරන ලද්දේ 31 වන වතාවටය.

   තරුණ බෞද්ධ සංගමයේ වර්තමාන සභාපති ෂශි රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම අවස්ථාවට සංගමයේ ප්‍රධාන පැවිදි අනුශාසක නිග්‍රෝධාරාම විහාරාධිපති ,මධ්‍යම පළාත් සංඝනායක දර්ශනපති මහගම විමල නායක හාමුදුරුවෝ,හැටන් දික්ඔය නගර සභාවේ සභාපති එස්.බාලචන්දන් ඇතුලු නාගරික මන්ත්‍රිවරු,හැටන් නගරයේ සිංහල දෙමල මුස්ලිම් ව්‍යාපාරිකයින්.සංගමයේ සාමාජිකයින් ඇතුළු සුබ පත්න්නන් රැසක් එක්ව සිටියහ.

චන්දන ජයවීර
සමෘද්ධි ගමන සන්නිවේදක
හැටන්

No comments:

Post a Comment