Tuesday, May 15, 2018

සමෘද්ධි බැංකුව මහ බැංකුවට පවරා ගැනිමට මම ඉඩ දෙන්නේ නැහැ

  මොනම හේතුවත් නිසාවත් සමෘද්ධි බැංකුවට පවරා ගැනිමට තමා ඉඩ නොදෙන බවත් එවැනි අවශ්‍යතාවයක් නොමැති බවත් සමාජ සවිබල ගැන්වීම් අමාත්‍ය පී.හැරිසන් මහතා පැවසීය.

අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවතී සමෘද්ධි නිලධාරි හමුවකදි එතුමා මේ බව පසවා සිටියේය. එහිදි වැඩිදුරටත් පැවසු අමාත්‍යවරයා,
සමෘද්ධිය කියන්නේ සහානාධාර බෙදීමක් ද ? ඒක තමයි අපිට තියෙන ප්‍රශ්නේ මේ මම පළමු සතියේ හඳුනා ගත්ත ප්‍රශ්න ටික කියන්නේ,සමෘද්ධිලාභියා ශක්තිමත් කිරීමට පෙර සමෘද්ධිය භාරව ඉන්න අය ශක්තිමත් විය යුතුය.මේ අමාත්‍යාංශයේ වැඩ බාරගත්ත මුල් දවසේ මම බැලුවා සමෘද්ධියේ සේවකයෝ කොයි තරම් ප්‍රමාණයක් ඉන්නවද කියලා.ඒ අනුව 29,000 කට වඩා වැඩි පිරිසක් මේ අමාත්‍යාංශයේ ඉන්න බව දැනගත්තා.
රාජ්‍ය පාරිපාලන අමාත්‍යාංශය හැරුණු විට සමස්ථයක් ලෙස බලන විට ලංකාවේ වැඩිම සේවක පිරිසක් ඉන්න තැන මේ අමාත්‍යාංශයයි. එහෙනම් ඔබතුමාලාට විශේෂ කැප කිරීමක් කරන්න අවශ්‍ය වෙනවා. මට තියෙන්නේ ලොකු රේස් එකක් දුවන්න. මේ වැඩසටහනේ, එක පැත්තකින් කොහොම ද නිලධාරින්ගේ ප්‍රශ්න විසදන්නේ කියන ඒක වගේමසමෘද්ධි සහානාධාරය සහ අපේ සේවය ලබන්න බලාපොරොත්තුවෙන් ඉන්න විශාල පිරිසක් ඉන්නවා, ඒ අයට කොහොම ද සේවය සපයන්නේ කියලා. මම ආපු මුල් දවසේම හිතුවා,සමෘද්ධි ව්‍යාපාරය, සමෘද්ධි වැඩසටහන, ජන සවි ව්‍යාපාරයට ආදේශකයක් හැටියට එකට විකල්පයක් හැටියට.1994 මම හිතන්නේ මෙතැන ඉන්න බහුතරයක් දෙනා විශ්ව විද්‍යාල අධ්‍යාපනයක් ලබපු අය. ඒ අනුව ඔබතුමාලාගේ ඒ ඒ සුදුසුකම් මත සේවයට බඳවා ගත් අය ප්‍රාදේශිය වශයෙන් ගත්ත සමෘද්ධි නිලධාරින් ගත්තේ දේශපාලන සුදුසුකම් මත. ආණ්ඩුවක් වුනාම ඒක කල යුතු දෙයක්, මේ හැම ආණ්ඩුවක්ම එහෙම කරලා තියෙනවා. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව 1977 එනකොට තමන්ගේ පක්ෂයට වැඩ කරපු අය වගා නිලධාරි හැටියට විශේෂ සේවා නිලධාරින් හැටියට බඳවා ගත්තා. ඒ වගේම රැකියා බැංකු ඇති කරලා විවිධ අවස්ථා වලදි බඳවා ගත්තා.ඒකට අපි දොස් කියන්නේ නැහැ. හැබැයි ඒ ගොල්ලෝ ක්‍රමක් ක්‍රමයෙන් රාජ්‍ය සේවයට අනුගත වුණා. සමෘද්ධි නිලධාරියාගේ තත්වය ඊට වඩා හාත්පසින් ම වෙනස්, ඒ අයට මේ ක්‍රමයෙන් එහාට යන මාර්ගය ඉතා අඩුයි. වගා නිලධාරියා හැටියට ගත්ත අය ග්‍රාම නිලධාරිලා හැටියට ගියා, පරිපාලන නිලධාරින් හැටියට ගියා. ඒ අයට යන්න මාර්ගයක් තිබුනා. හැබැයි ගමේ සමෘද්ධි නිලධාරියාට ඒ තත්වය තිබුණේ නැහැ. ඒ අයදේශපාලන යන්ත්‍රය ශක්තිමත් කරන්න ආයුධයක් බවට පත් කර ගත්ත කොටසක් හැටියටයි මම දකින්නේ.
ඒක ප්‍රතිපලයක් හැටියට තමයි සමෘද්ධි අධිකාරිය සමෘද්ධි දෙපාර්තමේන්තුවක් බවට 2014 දින පත් වුනාට පස්සේ අඩු තරමේ මේ ගොල්ලන්ගේ රාජකාරිය මොකද්ද කියලා කියන ඒක පැහැදිලි නැහැ. ඒ ගොල්ලන්ගේ සේවාවේ ස්ථිරභාවය තවම නැහැ. ඒ ගොල්ලන්ට විශ්‍රාම වැටුප් ක්‍රමයක් තාම නැහැ. ඒ මිනිස්සු හුදකලා වෙලා ඉන්නවා. දැනට 300 දෙනෙක් විතර සේවයේ විශ්‍රාම ගිහින් ඉන්නවා. සමෘද්ධි කළමනාකරුවන් හා සමෘද්ධි නිලධාරින් 67 ක් මිය ගිහින් තියෙනවා. ඒ අයට මරණ පාරිතෝෂිත මුදල ලැබිලා ද කියලත් සැකයි. මම දකින්නේ මුලින් ගත්ත සමෘද්ධි නිලධාරියාව දේශපාලනේට යොදා ගෙන පැත්තකට කරලා තියෙනවා. ඡන්ද කාලෙට කතා කරනවා. එයාව අනෙක් රාජ්‍ය සේවකයෝ දකින්නේ දේශපාලනය කරනකෙනෙක් හැටියට.
සමෘද්ධි කාර්යාලට ගියාම ප්‍රාදේශිය ලේකම් කාර්යාලට ගියාම නිලධාරියා ඉන්නේ කොච්චරවත් කොන්වෙලා. හැම වේලාවෙම දේශපාලන කොනේන් තමයි එයාව මනින්න පටන් ගන්නේ, සමහර විට එයා ක්‍රියාකාරි දේශපාලනේ නැහැ. දැන් සාමාන්‍ය රාජ්‍ය සේවකයකු විදිහට හුරු වෙලා. හැබැයි අලවලා තියෙන ලේබල් ඒකෙන්මඑයා තාමත් පැත්තකට කරලා තියෙනවා. ඒක කොච්චර බලපෑව ද කියනවා නම් ගිය මැතිවරණේ සමෘද්ධි නිලධාරියාට ඡන්ද ඉල්ලන්න බැරි තරමට ගියා. යු.එන්.පී කාරයා දකින්නේ සමෘද්ධි නිලධාරියා යකෙක් කියලා. ජේ.වී.පී කාරයා දකින්නේ සමෘද්ධි නිලධාරියා කියන්නේ ශ්‍රි.ල.නි. පක්ෂයේ පන්දම්කාරයෙක් යකෙක් හැටියට තමයි. වෙනත් පක්ෂ වල අය දකින්නේ මෙයා මේකට එල්බ ගන්ත මිනිහෙක් විතරයි කියලා.ඒ මිනිහගේ හොඳ දේවල් දකින්නේ නැහැ. ඒ නිසා ඒ නිලධාරියාට සමාජ තලයෙන් ඔබ්බට යන්න, ගොඩ එන්න විදියකුත් නැහැ. කොන් වෙලා හුදකලා වෙලා ඉන්නවා.
මම කණගාටු වෙනවා, අවුරුදු ගණනාවක් ශ්‍රි.නි.ප ඇමතිවරු මේ අමාත්‍යාංශය බාර කටයුතු කලත් මේ ගැටළුව විසඳිමට කටයුතු නොකිරිම පිළිබඳව. එස්.බී.දිසානායක මැතිතුමාගේ තමයි මේ දර්ශනය, හැබැයි එතුමාටවත් බැරි වුනා මේ නිලධාරින්ට සාධාරණයක් ඉෂ්ට කරන්න. මේ අවුරුදු ගණනාවේ ම කලේ මැතිවරණයක් ආවාම සමෘද්ධි නිලධාරින්ට කියනවා මිනිස්සු ටික එක් කරපන්, රැස්වීම් කරපන්, දිගටම ඒ මිනිහා වෙනුවෙන් කඩේ ගියා හැරෙන්න හුඟක් අයගේ දක්ෂතා වලින් උපරිම ප්‍රයෝජනයක් ගන්න අවස්ථාවක් ලැබුනේ නැහැ. ඒ නිසා අපට පලමුවෙන් ම සිදු වෙනවා මේ අයව ශක්තිමත් කරන්න. දේශපාලනේ ඕන කෙනෙක් කරයි. ඒක ඒ අයගේ අයිතිය හැබැයි ඒ මිනිහට සාධාරණයක් කරන්න ඕනේ. අවුරුදු 15 – 20 ක් 25 ක් කරපු කැපවීමට ඒ මිනිහට ගමේ ගිහිල්ලා කුලී වැඩ කරන්න බැහැ.රාජකාරි මට්ටමක් කරලා තියෙනවා. ඒ මිනිහාගෙන් ගන්ත වැඩ ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේම තමයි සමෘද්ධි කළමනාකරු සමහර විට සමෘද්ධි නිලධාරියා පස්සේ උපාධියක් කරගෙන කළමකාකරු බවට පත්වෙලා තියෙනවා. තාම කිසිම වැටුප් තලයක, වර්ධකයක පිහිටුවලා නැහැ.තාම මේ අයට පෙන්ෂන් එකක් නැහැ. තාම සාකච්ඡා උද්ඝෝෂණය කරනවා. පෙළපාලි යනවා, දිපියව් කියලා කියනවා. ඒත් තාම නැහැ. ඒ නිසා ඒ ප්‍රශ්න දෙකටම විසඳුම් හොයන්න තියෙනවා. මම ඊයෙත් දෙපාර්තමේන්තුවේ නිලධාරින්, නිතීඥ මහත්වරුන් ගෙන්නලා සාකච්ඡා කළා. මේ ගොල්ලන්ව වැටුප් තලයක පිහිටුවලා විශ්‍රාම වැටුප් ක්‍රමයට ගෙනියන්න. විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට ගියපුවාම ඒ අය කියනවා අවුරුදු 10 ට අඩු නම් විශ්‍රාම වැටුප් දෙන්න බැහැ කියලා. දැන් ප්‍රශ්නයක් තියෙනවා මේකට එක එක විකල්ප යෝජනා කරලා තියෙනවා. සමහරු ETF අරන්යන්න ගියා, තවත් පිරිසක් අධිකාරියෙන් අයින් වෙලා ETF අරගෙන අළුත් සේවකයෙක් හැටියට 2014 ඉ ඳලා දෙපාර්තමේන්තුවට එකතු වුණා. එකතු වුනා කිව්වට එතනින් එහාට කිසිම දෙයක් වෙලා නැහැ. දැන් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව කියනවා මේ අයගේ සේවා කාලය පිළිබඳව... මේ අය වයසට ගියේ මේ අයගේ වැරද්ද නිසා නෙමෙයි.
මේකට ක්‍රමවේදයක් නොමැති නිසා මේ අය හුදකලා වෙලා, තනි වෙලා. ඒ නිසා මම ඉස්සර වෙලාම කියන්න කැමතියි මම මේ අමාත්‍යාංශයේ කොච්චර කාලයක් ඉඳි ද දන්නේ නැහැ හැබැයි මම එකක් කියන්න කැමතියි මම යන්න කලින් ඔබ සැමගේ සේවය ස්ථාවර කරලා විශ්‍රාම වැටුප් හඳලයි යන්නේ.මේ සමෘද්ධි කළමනාකරුටයි සමෘද්ධි නිලධාරින්ටයි මේ ඔක්කෝට ම මේ අවශ්‍ය රාජකාරි කටයුත්ත කරලා යනවා. ඒ ගැන කිසි සැකයක් තියා ගන්න එපා. හැබැයි ඒ පැත්තේ කටයුත්ත වෙනවා වගේ්ම මේ පැත්තේ කටයුත්ත හරියට වෙලාද කියලා දැනගන්නත් ඕනේ. ලබන සතියේ අපි මේ පිළිබඳව වැඩපිලිවෙලක් සකස් කරන්න නිතීපති දෙපාර්තමේන්තුව රාජය පරිපාලන ඇමතිතුමා විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ අපේ නිතීඥ මහත්වරු හැමදෙනාම එකතුවෙලා සාකච්ඡාවක් පවත්වනවා. ඔබගේ සේවා කාලය නැත්නම් කාලය ආපස්සට අරන් හරි කමක් නැහැ මම උපරිම උත්සහ කරන්නේ මේ අය 1994 ඉඳලා විශ්‍රාම වැටුප් ක්‍රමයට ඇතුල් කරන්න. එකෙදී හිඟ මුදලක් තිබුනොත් මරණ පාරිතෝෂිත හෝ විවාහ පාරිතෝෂිත හරි ගෙවන්න හිඟ මුදලක් ගෙවලා හරි විශ්‍රාම ගියාට පස්සේ සතුටින් ඉන්න ක්‍රමයක් හදන්න. ඒක කරන්නපුළුවන් මට. ඒකට මට ශක්තිය තියෙනවා. මේ අය ශක්තිමත් වෙලා බලන්න ඕනේ අපේ කාර්ය භාර්ය වෙලාද කියලා. අපි පහළට බැහැලා බැලුවොත් සමෘද්ධි නිලධාරියා තමන්ගේ රාජකාරිය කරලා තියනවද කියලා. 2013 අපේ දිස්ත්‍රික්කේ සාහානාධාර පවුල් 64,000 ක් පමණ ඉඳලා තියෙනවා. දැන් පවුල් 59,000 ක් පමණ ඉන්නවා. එහෙනම් සමෘද්ධි ව්‍යාපාරයේ පරමාර්ථය සාහානාධාර දීම නෙමෙයි මෙතෙන ඉන්න හැම දෙනාම බොහෝම දක්ෂ මේ හැමෝටම දර්ශනයක් තියෙනවා මේ හැමෝටම හොඳ විඥ්ඥානයක් තියෙනවා. ඒකෙන් උපරිම ප්‍රයෝජන ගත යුතුයි. ඒ තුලින් මිනිස්සු 25 ක් 30 ක් සවිබල ගන්වලා මිනිස්සු ශක්තිමත් කරලා මිනිහෙක් නඟා සිටවලා තුන්වෙල කනවා දකින විට දැනෙන්නේ ලොකු සතුටක්, අපේ ගම් වල රාජකාරි කටයුතු කරන ගමේ නිලධාරියාට සවිබල ගැන්වු පවුල අයින් කරන්න යන විට ඇති වන ගැටළුවත් මම දන්නවා. එතැන ඉන්න සියලු දෙනාම දේශපාලන හෙන්චයියෝවත් අතකෝළුවත් නෙමෙයි. ඒ අයට ඕනේ තව අලුත් පවුලක් දෙකකට සමෘද්ධිය ලබාදෙන්න. එය ලබාදිය යුතුයි කියලා තේරෙනවා. අපි මනුස්සයෝ හැටියට ගමක අතක් පයක් නැති අහිංසක පවුලක් ඉන්නවා ඒ අයට සහනාධාර දෙන්න ඕනේ. නමුත් අවස්ථාවක් නැහැ. මිය ගිහින් අවුරුදු ගණනාවත් වුනත් සහනාධාර තවත ලබා දෙන තැන් තියෙනවා. ඇයි ඒ නිලධාරියාට ඒ කාර්ය භාර්ය කරන්න බැරි. සහනාධාර අයින් කරනවා කියලා දැනගත්තා ම ප්‍රාදේශිය දේශපාලඥයන්ගේ ඉඳන් ඉහළ ම දේශපාලඥයන් දක්වා යනවා. ඉතින් නිලධාරින් අසරණයි. ඒ නිලධාරින්ට තමන්ගේ ප්‍රගතිය පෙන්නන්න ඕනෑකම තිබුණත් තව දුප්පත් මිනිහෙක්ට දෙන්න ඕනෑ කම තිබුනත් ඒකට අවස්තාව නැහැ. ඒ නිසා ඒ වගේ ඉන්න අය සමෘද්ධි නිලධාරියා දිහා වපර ඇසින් බලනවා. දේශපානයට වැඩ කරනවා, අසරනයින්ට දෙන්නේ නැහැ කියලා. ඉතින් මේ නිලධාරියාගේ පැත්තෙන් බලන විට සාධාරණව ඒ මනුස්සයා අමාරුවේ වැටිලා තියෙනවා පෙනවා. ඒ නිසා මම සේවකයාගේ රස්සාවේ ස්ථිරභාවය ආරක්ෂා කරන්නම්, කළමනාකරුවන්ගේ ස්ථිර භාවයත් විශ්‍රාම වැටුපත් ඇති කරන්නම්. හැබැයි වැඩ කිරිම තියෙන්න ඕනේ, ආයේ සමෘද්ධි බැංකු පාඩු ලබන්නත් බැහැ, බැංකුව පාඩු ලැබුවොත් කළමණාකරුත්, අධ්‍යක්ෂකත් වගකිව යුතුයි. එහෙම පාඩු ලබන්න බැහැ. අලුතින් හිතන්න ඕනේ.
මෙතැන ඉන්නේ නිදහස් අධ්‍යාපනයට පින් සිද්ධ වෙන්න විශ්ව විද්‍යාල වල ගිහින් උපාධිය අරන් තව පුහුණු වැඩසටහන් ගණනාවකට සම්බන්ධ වෙලා,මහජනයාගේ මුදලින් අපිව නඩත්තු කරන්න වියදමක් දරන මහ විශාල පිරිසක් අපේ සේවාව ගැනත් බලන් ඉන්නවා. මම කොළඹ අධ්‍යක්ෂකට කිවා බැංකු සම්බන්ධ මාසික ප්‍රගති වාර්තාවක් ලබාගන්න කියල. ඒ අනුව කොට්ඨාශ වල බැංකු පාඩු වෙනාවා නම් ඒකට උපදෙස් දෙන්න කියලා. බැංකු 200 ක් සංවර්ධනය කරන්න මේ අවුරුද්දේ සැලසුම කරලා තියෙන්නේ. මම උපදෙස් දුන්නා හොඳම බැංකු තියෙන අයට ඊළඟ උසස්වීම ලැස්ති කරන්න කියලා. හො ඳම සවිබල ගන්වන නිලධාරියාට උසස් වීමක් ලෑස්ති කරන්න කියලා. සවිබල ගැන්වු පවුල් වල සාහානාධාර ආපසු ලබාගත යුතුයි.

බයිසිකලයක් පදින්න පුරුදු වෙන මිනිහගේ පිටිපස්සෙන් අල්ලාගෙන යන තාක්කල් ඔහු පදින්න පුරුදු වෙන්නේ නැහැ. අතහැරපුවා ම තනියෙන් පදින්න පුරුදු වෙනවා. ඒ විදිහට අභියෝගය බාර ගන්න පුරුදු වෙන්න ඕනේ. ගොවි මහත්තයෙකුට වතුර මෝටරයක් දුන්නා ම එයාට කියන්න ඕනේ දැන් ඉතින් තනියෙන් ජිවත් වෙන්න කියලා.. ඒ තැනට එන්න අවුරුදු තුන හතරක් ගත වෙයි. ලොකේ දියුණු රට වල මෙහෙම සාහනාධාර දීලා නැහැ. අභියෝගය මේ අවුරුද්දේ 10% ක් සවිබල ගැන්විය යුතුයි. වැඩියෙන්ම සවිබල ගන්වන නිලධාරියාට ඊළඟ වර්ධකය දෙන්න කියලා උපදෙස් දුන්නා. ඒ අයගේ වසමේ ඉන්නේ පවුල් 250 ක් නම් අපි කියනවා පවුල් 10 ක් සවිබල ගන්වන්න පවුල් 15 ක් සවිබල ගන්වන්න කියලා හැබැයි සවිබල ගන්නවන්න කියන්නේ සමෘද්ධිය කපන ඒක නෙමෙයි. හරියට ම සාර්තකව සවිබල ගැන්වු කණ්ඩායම කවුද කියලා බලලා ඒ නිලධාරින්ට ඊළඟ වර්ධකය දෙන්න කියලා උපදෙස් දුන්නා. මේ සමෘද්ධි දෙපාර්තමේන්තුවේ උසස් වීම් සඳහා පිටතින් ගන්නවා වගේම ඇතුලේ අයටත් විධිමත් උසස් වීම් ක්‍රමවේදයක් සකස් කරන්න කියලා උපදෙස් දුන්නා. මේ 31 වන දා ලංකාවේ හොඳම බැංකු තෝරනවා. ඒ හො ඳම බැංකු වල නිලධාරින් සතියක් දෙකක් පිටරට යවන්න කටයුතු කරනවා. ඒ විදිහට කටයුතු කලොත් තමයි බැංකු ක්ෂේත්‍රය ශක්තිමත් කල හැකි වෙන්නේ. ඒ අය මහන්සි වෙන්වා නම් වැඩ කරනවා නම් ඊළඟ වර්ධකය දිය යුතුයි. සමෘද්ධි නිලධාරියාට ඒ බැංකුවෙන් ණයක් ගන්න ක්‍රම වේදයක් සකස් කල යුතුයි. සමෘද්ධි බැංකුවේ නිලධාරින් වෙනත් බැංකුවකින් ණය ගන්න යන යුගය වෙනස් කල යුතුයි. එයට අවශ්‍ය නිතී රීති සකස් කිරීමට කටයුතු කරනවා. සමෘද්ධි කළමණාකරුට සමෘද්ධි නිලධාරියාට සමෘද්ධියේ වැඩ කරන ඕනෑම කෙනෙකුට වැටුප ඇපයට තබාගෙන ණය ලබාගත හැකි ක්‍රමයක් සකස් කරනවා. ඒ වගේම මේ බැංකුව අනෙක් අයටත් විවෘත කල යුතුයි. එවිටයි බැංකුව ශක්තිමත්ව ඉදිරියට ගෙන යා හැකි වෙන්නේ. ඒ සදහා සමෘද්ධි බැංකුවේ ණය නිතී රීති ලිහිල් කල යුතුයි. සියලු ම සමෘද්ධි බැංකු නවීකරණය කිරීමේ වැඩපිළිවෙලක් ඉක්මණින් ම ක්‍රියාත්මක කල යුතුයි. එය බැංකුවේ නාම පුවරුවේ සිටම මුළු රටේම එකම ආකෘතියකට අනුව සකස් කල යුතුයි.
මොන ම හේතුවක් නිසාවත් සමෘද්ධි බැංකුව මහ බැංකුවට පවරා ගැනීමට මම ඉඩ දෙන්නේ නැහැ.එහෙම අවශ්‍යතාවයකුත් නැහැ. ඒ පිළිබඳව කිසිම කෙනෙක් සැකයක් බයක් තියා ගන්න අවශ්‍ය නැහැ. මට දුන්න වගකීම මම උපරිමයෙන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා ඔබගේ සහයෝගය ලබාදිය යුතුයි. මහ බැංකුවේ නිලධාරියෙක් එනවා මේ බැංකුව පිළිබඳව කටයුතු සොයා බලන්න. භාණ්ඩාගාර නිලධාරියෙකුත් එනවා. ඔහුන් මේ පිළිබඳව සොයා බලා වර්තා සකස් කර ඉදිරිපත් කරයි. මම බලාපොරොත්තු වෙනවා අපේ අමාත්‍යාංශය සමඟ අනෙකුත් අමාත්‍යාංශ හා ඒකාබද්ධව වැඩපිළිවෙලක් ආරම්භ කරන්න. විශේෂයෙන් නිවාස අමාත්‍යාංශය , ග්‍රාමිය ආර්ථික කටයුතු අමාත්‍යාංශය වැනි අමාත්‍යාංශ වල ක්‍රියාත්මක වැඩසටහන් අපේ අමාත්‍යාංශයේ වැඩසටහන් වලට ලේසියෙන් සම්බන්ධ කල හැකි වෙනවා. ඒ සඳහා ප්‍රාදේශිය ලේකම්ගේ සහාය ලබාගෙන කටයුතු සම්බන්ධිකරණය කරගැනිමට අපේ ප්‍රාදේශිය නිලධාරින් දක්ෂ විය යුතුයි.

No comments:

Post a Comment