Wednesday, August 8, 2018

පිරිපුන් මිණිසෙකුවී රට දැය බබළවමු...... සමෘද්ධි සිප්දොර 2018-2020......


   ද අපේ බොහෝ දරුවන් පොත පතේ දැනුමට පමණක් සීමා වෙලා, සමාජීය දැනුම මෙන්ම සංස්කෘතික හා සාහිත්‍ය රසාස්වාදය කෙරෙහි නැබුරුවක් නැහැ.පොත පතෙහි දැනුමට මේවත් එකතුකර ගැනීම තුලයි පිරිපුන් මිනිසෙකු මෙළොවට බිහි වෙන්නේ.දෙමව්පියන් පොත පතට වැඩි නැබුරුතාවයක් දැක්වීම තුල තම දරුවන්ද ඒ කෙරෙහි නැබුරුතාවයක් දක්වනවා. දිවුලන්කඩවල ජාතික පාසැලේ විදුහල්පති පේමකුමාර වීරක්කොඩි මහතා පසුගියදා පැවති සමෘද්ධි සිප්දොර ශිෂ්‍යත්ව ලාභීන් තෝරා ගැනීමේ සම්මුඛ පරීක්ෂණය සදහා පැමිණි දරුදැරියන් හා දෙමව්පියන් අමතා මේ බව ප්‍රකාශ කලේය.

    මෙම සම්මුඛ පරීක්ෂණය සදහා සමෘද්ධිලාභි පවුල් වල දරුදැරියන් 125 දෙනෙක් සහභාගිවී සිටි අතර 2018 -2020 සිප්දොර ශිෂ්‍යත්ව සදහා 58 දෙනෙක් තේරී ඇති බව සමෘද්ධි ගමනට දැනගන්නට ලැබුණි.සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය සදහා සහකාර ප්‍රාදේශිය ලේකම් පි.ටි.එම්. ඉර්පාම් මහතා, දිවුලන්කඩවල ජාතික පාසැලේ විදුහල්පති පේමකුමාර වීරක්කොඩි මහතා සහ මූලස්ථාන කළමණාකරු දුරුතු කුමාරි මහත්මිය සහභාගිවන ලදි.

වජිරා දිසානායක
සමෘද්ධි ගමන සංනිවේදක
මැදිරිගිරිය

No comments:

Post a Comment