Wednesday, August 8, 2018

සවිබල පවුල් සදහා ගෙවතු වගා පුහුණුවක්


   2018 වර්ෂය සදහා සවිබල ගැන්විමට තෝරා ගත් පවුල් සහ වසමි භාර සමෘද්ධි සංවර්ධන නිලධාරීන් සදහා තම ගෙවත්ත ක්‍රමවත්ව සංවර්ධනය කර ගැනීම සදහා ගෙවතු වගාව පිළිබඳ දැනුවත් කිරිමෙි වැඩසටහනක් 2018.08.03.වන දින දවස පුරා ප්‍රාදේශීය ලේකම් කාර්යාලිය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි .ව්‍යාපෘති කලමනාකරු ඩබ් .එච් .කේ.සුනිල් මයා, මුලස්ථාන කලමනාකරු ටි.ජි.නන්දනි මිය ,ව්‍යාපෘති සහකාර අබෙිවික්‍රම මිය විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහන කෘෂිකර්ම උපදේශක දිස්නා ජයවික්‍රම මිය හා ධම්මික මයා විසින් පැමිණ සිටි සියලු දෙනාටම ගෙවතු වගාව පිළිබඳ කැමැත්තක් ඇතිවන  අයුරින් දැනුවත් කිරීම සිදු කරන ලදි .    
          
   ඉදිරියේදී පැවැත්විමට නියමිත ගෙවතු වගා තරගය සහ ත්‍යාග පිළිබඳව ව්‍යාපෘති කලමනාකරු විසින් පැහැදිලි කරන ලදි.මෙම වැඩසටහන සදහා නොමද මගපෙන්වීම  ප්‍රාදේශීය ලේකම් පුෂ්පිකා තුෂාරි ජාගොඩ මැතිනිය විසින් ලබා දෙන ලදි.

සේනානි ඉන්දිරා
සමෘද්ධි සන්නිවේදක
අක්ම්මන

No comments:

Post a Comment