Wednesday, August 1, 2018

හිසට සෙවන දෙන සමෘද්ධි දිරිය පියස ...........


  දිලිදුකම පිටුදැකිම වෙනුවෙන් මේ වන විට ක්‍රියාත්මක දැවැන්තම ව්‍යාපාරය සමෘද්ධි ව්‍යාපාරයයි. අඩු ආදාම්ලාභී දිලිදු ජනතාව නගා සිටුවන්නට ආර්ථික, සමාජීය හා අධ්‍යාත්මික යන අංශ ආවරණය වන පරිදි විවිධවු වැඩ සටහන් සෑම වර්ෂයකම ක්‍රියාත්මක කරනු ලැබේ.

   ඒ යටතේ දිරිය පියස නිවාස වැඩ සටහනට හිමි වන්නේ සුවිශේෂි වු ස්ථානයකි. හිසට සෙවනක් ඉදිකර ගැනිමට වරම් අහිමිව, දරුවන් සමග අනාරක්ෂිතව ජීවත් වන අසරණ පවුල් වලට ආරක්ෂාව සහ රැකවරණය ලබාදීම, සමාජයේ අවධානයෙන් ගිලිහෙමින් සිටින අසරණ පවුල් වලට සෙවන ලබා දෙමින්, ඔවුන්ගේ දරුවන් පිලිබද අවධානය යොමු කරමින් පියවරෙන් පියවර ඉදිරියට ගැනිම මෙම වැඩ සටහනේ ප්‍රමුඛ අරමුණයි.

   ඒ යටතේ ඉමදුව ප්‍රාදේශි ලේකම් කොට්ඨාශයේ නිවාස තුනත් ඉදිකිරිමට යොජිත වි ඇති අතර  ඉන් නිවාස දෙකක් සදහා මුල්ගල් තැබිම පසුගිය 2018.07.12 වන දා ප්‍රාදේශිය මහ ලේකම් ලක්ෂ්මි කාන්ති මැතිණියගේ ප්‍රධානත්වයෙන් සිදුවිය. ඒ ඉමදුව කලාපයේ දීගොඩ ග්‍රාම නිලධාරි වසමේ මහත්මියගේ සහ හවුපේ කලාපයේ හවුපේ වසමේ ලක්සිරි ජයන්ත මහතාගේ නිවාස සදහායි. රුපියල් ලක්ෂ දෙකක මුදල ප්‍රතිපාදන මේ සදහා ලැබෙන අතර ප්‍රදේශවාසි , ප්‍රභු අයගේ උදව් උපකාර ඇතිව වැඩ අවසන් කිරිමට නියමිතයි. මුලස්ථාන කලමණාකරු, සමෘද්ධි බැංකු සමිති කලමණාකරු, ව්‍යාපෘති කලමණාකරු, සමාජ සංවර්ධන සහකාර, ඇතුළු සංවර්ධන නිලධාරින් මෙම අවස්ථාව සදහා සහභාගි විය.

නිශාන්ත සුදුසිංහ
සමෘද්ධි සන්නිවේදක
ඉමදුව

No comments:

Post a Comment