Wednesday, August 15, 2018

සමෘද්ධි සිප්දොර සම්මුඛ පරීක්ෂණ හික්කඩුවේදී


  හික්කඩුව  ප්‍රාදේශිය  ලේකම් කාර්යාලයේ සමෘද්ධි  මුලස්ථාන අංශයේ 2018/2020  සිප් දොර  ශිෂ්‍යත්ව සම්මුඛ පරීක්ෂණය 2018/07/16 ප.ව.1.00  ප්‍රාදේශිය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ දී පැවැත්විය

  හික්කඩුව ප්‍රාදේශිය ලේකම් ( රාජකාරි ආවරණ)  පියුමාලි කුලරත්න මැතිනියගේ උපදෙස් හා මඟ පෙන්විම පරිදි දිවයින පුරා පැවැත්වෙන සමෘද්ධි සිප්දොර සම්මුඛ පරීක්ෂණය  පැවැත්විය. මෙහිදී 2017 වර්ෂයේ අ.පො.ස. සා.පෙ.විභාගයට පෙනි සිටින ලද විශිෂ්ඨතම ප්‍රතිඵල ලබාගන්නා ලද සිසුන් 67 දෙනෙකු තෝරා ගැනිම සිදු විය.

  හික්කඩුව ප්‍රාදේශිය ලේකම් වසම් 97 කින් යුත් විශාල කොට්ඨාසයකි .මෙහිදී එක් ලමයකුට රු.1500*24 =36000*67  =2412000 (රු විසි හතරලක්ෂ දොලොස් දාහක් ) ලබාදිම මගින් අඩු ආදායම්ලාභි දරුවන්ට මහත් පිටුවහළකි. 

  මේ සඳහා  ගා/හෙන්නතොට විද්‍යාවර්ධන විද්‍යාලයේ උප විදුහල්පති  තුෂිතා විජේබන්ඩාර මිය,මුලස්ථාන කළමණාකරු කේ.එච්.ගොතික් මිය ,ව්‍යාපෘති කළමණාකරු එම්.ටි.අනෝමා මිය,එරංග සංජිව මයා , ෂමී ගූණරත්න මිය,රුවිණි සිල්වා  මිය,ඩිලීෂා නිලන්ති, ශ්‍රියානි කනකරත්න මිය,කේ විමලරත්න මයා,එච්.ජි.චන්දන මයා,පි.ජී.චන්ද්‍රානි මිය සිසුන් හ  දෙමාපියන් විහාල පිරිසක් සහභාගිවිය.  

අනෝමා මෙන්ඩිස්
සමෘද්ධි සන්නිවේදක
හික්කඩුව

No comments:

Post a Comment