Wednesday, August 15, 2018

පුත්තලම සමෘද්ධි බැංකුවෙන් ලේ දන්දීමක්...


  පුත්තලම සමෘද්ධි බැංකු කලමණාකරු ඩබ්.එම්.එස්.කේ.වාසල මහත්මිය ඇතුලු පුත්තලම කළාපයේ සමෘද්ධි නිලධාරින් එක්ව සංවිධානය කල ලේ දන්දීමේ වැඩ සටහනක් 2018/08/13දින දවස පුරා පුත්තලම සමෘද්ධි බැංකු කළාප කාර්යාලයේදී පැවැත්විය.

  සමෘද්ධි සංවර්ධන නිලධාරින්,ප්‍රජාමුල සංවිධානවල නියෝජිතයින් ඇතුලුව එකසිය පනහකට ආසන්න පිරිසක් ලේ දන්දීම සදහා පැමිණ සිටියහ.

   මෙම කටයුත්ත සාර්ථක කර ගැනීම සදහා ප්‍රධාන අනුග්‍රහය පුත්තලම නාගරික මන්ත්‍රී අලි සබ්‍රි රහීම් මහතා ලබාදුන් අතර පුත්තලම මහජන බැංකුව,ප්‍රෙන්ඩ්ස් ආයතනය,මිල්කෝ ආයතනය හා පාලවිය ලිහිනියා බේක් හවුස් වැනි ආයතන ලේ දන්දෙන අයට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය සපයා දෙන ලදි.පුත්තලම ප්‍රාදේශීය ලේකම් සංජිවනී හේරත් මහත්මිය හා දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ සම්පත් වීරසේකර මහතා විසින් අවශ්‍ය මග පෙන්වීම හා උපදෙස් ලබා දුන්හ.

චින්තන රත්නායක
සමෘද්ධි ගමන  සන්නිවේදක
පුත්තලම

No comments:

Post a Comment