Wednesday, August 15, 2018

හික්කඩුව ප්‍රාදේශිය ලේකම් කාර්යාල නිල සෙවන කාර්යාල විවෘතවේ


  හික්කඩුව  ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට අයත් ග්‍රාම නිලධාරි වසම්  08 ක් සදහා  නිල සෙවන කාර්යාල ලබාදිම 2018.08.13 වන දින  ජනතා  අයිතියට  පවරාදිම සිදුවිය.

   ශ්‍රි ලංකා ප්‍රජාතානත්‍රික  සමාජවාදි ජනරජයේ අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතතුමාගේ සහ අග්‍රාමාත්‍ය  ගරු රනිල් වික්‍රමසිංහ  මැතිතුමාගේ මගපෙන්වීමෙන්  ස්වදේශ කටයුතු අමාත්‍ය ගරු වජිර අබේවර්ධන මැතිතුමාගේ සංකල්පයක් වු නිල සෙවන ව්‍යාපෘතියට සමගාමිව හික්කඩුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ග්‍රාම නිලධාරි වසම් 45 ඊ රෙජ්ජිපුර,44 බී ගනේගොඩ ,49 බී පන්විල පහලගොඩ,72 ඒ ගල්දුව, 72 සීඩෙල්මාර් ජනපදය,77  බී දිඹුල්දුව,78 ඒ ගලගොඩ නැගෙනහිර, 78 සී ගලගොඩ  බටහිර නිල සෙවන කාර්යාල ගරු වජිර අබේවර්ධන මැතිතුමගේ සුරතින් 2018.08.13 වන විවෘතවිය.

  මෙහිදී එකම කාර්යාලයක් තුල ග්‍රාම නිලධාරි,සමෘද්ධි සංවර්ධන නිලධාරි,ආර්ථික සංවර්ධන නිලධාරි, කෘෂි පර්යේෂණ නිලධාරි 04  දෙනාම එකම ස්ථානයක සේවය ලබාදිම. 

  මේ සඳහා ගරු වජිර අබේවර්ධන ඇමතිතුමා ,ගාල්ල දිස්ත්‍රික් ලේකම් ,ගාල්ල දිස්ත්‍රික්  වැඩ බලන  කමල් රණසිංහ මැත්තුමා,හික්කඩුව වැඩ බලන ප්‍රාදේශිය ලේකම් එල්.එන්.පියුමලී ලියනගේ මැතිනිය,හික්කඩුව සහකාර ප්‍රාදේශිය ලේකම් ඩී.එන් පියුමාලි කුලරත්න මැතිනිය.සමෘද්ධි මුලස්ථාන කළමණාකරු කේ.එච්.ගොතික් මිය,පරිපාලන ග්‍රාම නිලධාරි ඩි.එච්.එස්.කුමාර.ද. සිල්වා  සුසිත් වාසව මහතා කෘෂිපර්යේෂණ නිලධාරි සමෘද්ධි කළමණාකරුවන්,ආර්ථික සංවර්ධන නිලධාරින්,සමෘද්ධි සංවර්ධන නිලධාරින් ,දේශපාලන අධිකාරිය හා ගම්වාසින්ගේ සහභාගිත්වයෙන් පැවැත්විය. 

අනෝමා මෙන්ඩිස්
සමෘද්ධි සන්නිවේදක
හික්කඩුව

No comments:

Post a Comment