Wednesday, August 8, 2018

දැනුම කුසලතාවය වර්ධනයෙන් ජාත්යකයන්තර වෙළදපල .....


  ලක්කයන් පමණක් සපුරා ගැනීම සදහා සමහර ආයතන යන ගමනේදී මෙතෙක් ලබාදී ඇති පුහුණුවීම් හා උපකරණ තුලින් අද කොළඹින් නොව කොළඹට නිමි ඇදුම් පවා ග්‍රාමිය මට්ටමින් යැවිය හැකි බව සමෘද්ධි ගමනට ඒත්තුගියේ පයුගිය 06 වෙනිදා මහවැලි ගංගාදෝණි ආශිත කෘෂිකාර්මික ප්‍රජාව දේශගුණික විපර්යාස වල අහිතකර බලපෑම් වලට අනුහුරු කරවීමේ ව්‍යාවපෘතියේ විශේෂිත වූ කාලෝචිත පුහුණු වැඩසටහනක් මාධ්‍ය ආවරණය කිරිමේදීය.

  මැදිරිගිරිය ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේදී පැවති මෙම පුහුණු වැඩසටහන පුහුණුවීම් මාස 03ක් වන අතර අංශ 06ක් යටතේ සිදු කරනු ලබයි. නවීණ තාක්ෂණය උපයෝගී කරගෙන ගුණාත්මකව දේශිය හා ජාත්යන්තර වෙළදපලට ගැලපෙන පරිදි අත්කම් හා නිමි ඇදුම් පිලිබදව ලබා දෙනු ලබන මෙම පුහුණු සැසිය සදහා තෝරා ගත් වසම් කිපයක කාන්තාවන් වැඩි වශයෙන් සහභාගිවි සිටින ලදි.

   මැදිරිගිරිය සංවර්ධන අංශය මගින් මෙම පුහුණු වැඩසටහන සංවිධානය කරතිබූ අතර මැදිරිගිරිය ප්‍රදේශිය ලේකම් සි.එම්. කරුණාරත්න මෙනවියගේ හා මහවැලි ඩි කලාපභාර නේවාසික කළමණාකරු ප්‍රසන්ත ජයතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් ගංගා දෝණි සංවර්ධන වැඩසටහනේ ජාතික උපදේශක චමින්ද ප්‍රනාන්දු මහතා සහ සංනිවේදනය පිලිබදව උපදේශක ඈපා උපසේන මහතා සහභාගිවී සිටි අතර බාහිර උපදේශක වශයෙන් ජාතික ව්‍යවසායකත්ව සංවර්ධන අධිකාරියේ සහකාර අධ්යික්ෂක ප්‍රියංගනී මහත්මියද සේවාදායකයින් වෙනුවෙන් තම දැණුම අත්දැකීම් බෙදාගන්නා ලදි. 

ඩි.එම්.පි.කේ.දිසානායක
සමෘද්ධි ගමන දිස්ත්රි.ක් සංනිවේදක
පොළොන්නරුව

No comments:

Post a Comment