Thursday, August 9, 2018

රට පුරා සමෘද්ධි නිලධාරින් අද වැඩවර්ජනයේ

  ට පුරා සමෘද්ධි නිලධාරින් අද (9) වැඩවර්ජනය කරමින් වෘත්තිමය ක්‍රියාමාර්ගයක නිරත වීමට පියවර ගෙන ඇති බව වෘත්තීය සමිති ක්‍රියා කාරකයින් පවසති.

   ඒ අනුව අගෝස්තු 09 වන දා සියළුම ප්‍රජාමුල බැංකු , කලාප කාර්යාල,මුලස්ථාන හා ප්‍රාදේශිය සමිති කාර්යාල වසා තබමින් සේවයෙන් ඉවත්ව සිටිමට තීරණය කර තිබේ.

  වැටුප් අඩු නොකරනු,සියළු නිලධාරින්ගේ විශ්‍රාම වැටුප් තහවුරු කර පත්වීම් ලිපි ලබාදෙනු,දුප්පතුන්ගේ අරමුදලට අත නොතබනු,උසස්වීම් පටිපාටිය ක්‍රියාත්මක කරනු,මනාපය වෙනස් කිරිමට අවස්ථාවක් ලබා දෙනු යන ඉල්ලීම් සටන් පාඨ ලෙස ඉදිරිපත් කර තිබේ.

   සමෘද්ධි නිලධාරින්ගේ ඉහත ගැටළු වසර ගනනාවක සිට බලධාරින් වෙත ඉදිරිපත් කලද විසදුමක් නොලද නිසා මෙම පියවර ගත් බව පවසන වෘත්තීය සමිති නායකයින් 9 වන දා පාර්ලිමෙන්තු වටරවුමේ සමෘද්ධි කළමණාකරුවන් හා නිලධාරීන් එක්ව උද්ඝෝෂණයක් පැවැත්වීමටද සැලසුම් කර තිබේ.එමෙන්ම 10 වන දා විෂයභාර ඇමතිවරයා නුවරඑළිය හා බදුල්ල දිස්ත්‍රික්ක වල නිලධාරින් හමුවී ගැටළු සාකච්චා කිරිමේ රැස්වීම් සංවිධානය කර තිබෙන අතර 9වන දා මුලික ගැටළු ඉදිරිපත් කරන බැවින් එම රැස්වීම් වර්ජනය කිරිමටද තීරණය කල බව හෙතෙම අවධාරණය කරයි.

චන්දන ජයවීර
සමෘද්ධි ගමන සන්නිවේදක
හැටන්

No comments:

Post a Comment