දිවයින පුරා ඇති සියලු සමෘද්ධි බැංකු සංගම් එකම ආකෘතියක් යටතේ ඉදි කිරිමේ නව වැඩ පිලිවෙල යටතේ ඉදිවු ප්‍රථම සමෘද්ධි බැංකුව ඊයේ සමාජ සවිබල ගැන්වීම් හා සමාජ සුබසාධන ගරු අමාත්‍ය පි.හැරිසන් මැතිතුමාගේ සුරතින් ජනතා අයිතියට පත්විය. ඒ ඉමදුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ දික්කඹුර සමෘද්ධි ප්‍රජාමූල බැංකුවයි.
සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ නව වැඩ පිළවෙල යටතේ රුපියල් එක්කෝටි තිස්නව ලක්ෂයක මුදලක් වියදම් කරමින් සියලු පහසුකම් සහිතව ඉදිවු මෙම දෙමහල් ගොඩනැගිල්ල තුල බැංකු කාර්යාලය මෙන්ම කලාප කාර්යලයද ඇතුලත්වේ. කුළි පදනම මත ලබාගත් ගොඩනැගිල්ලක දැඩි දුෂ්කරතා මත පවත්වා ගෙන යනු ලැබු සමෘද්ධි බැංකුව සදහා නව ගොඩනැගිල්ල ලැබිම තුලින් කාර්ය මණ්ඩලයට හා ගණුදෙණුකරුවන්ට මහත් සෙතක් සැලසුන බවත් සමාරම්භක අවස්ථාවේ ගණුදෙණු කිරිම සදහා දෙදහසකට අධික ගණුදෙණුකරුවන් බැංකු පරිශ්‍රය තුල රැදි සිටිබවත් එමගින් රුපියල් ලක්ෂ එකොලහකට අධික මුදලක් තැන්පතු වශයෙන් ලැබු බව බැංකු කලමණාකරු එම්.යු. රංජිත් මහතා පැවසීය.
ස්වදේශ කටයුතු ගරු අමාත්‍ය වජිර අබේවර්ධන, හබරාදුව එක්සත් ජාතික පක්ෂ සංවිධායක තාරක නනායක්කාර,සමෘද්ධි අධ්යක්ෂ ජනරාල් ජේ.දඩල්ලගේ, බැංකු මූල්‍ය අධ්යක්ෂ රංජිත් උදයසිරි, ගාලු මහ දිසාපති, දිස්ත්‍රික් සමෘද්ධි අධ්යක්ෂ , ඉමදුව ප්‍රාදේශිය මහ ලේකම් යන මහත්ම මහත්මීන් සහසමෘද්ධි කලමණාකරුවන්, නිලධාරින් ඇතුළු විශාල ප්‍රතිලාභි පිරිසක් මෙම උත්සව අවස්ථාවට සහභාගි වු අතර ප්‍රවීණ මාධ්‍යෙව්දි සේනක උබේසිංහ මහතා උත්සව අවස්ථාව මෙහෙය වනු ලැබිය.
නිශාන්ත සුදුසිංහ
සමෘද්ධි සන්නිවේදක
ඉමදුව
No comments:
Post a Comment