Wednesday, November 1, 2017

ස්මාට් සමාජ කවයක් දෝපේ ට


   බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දෙවන ස්මිට් සමාජ කව පිහිටි විම අංක 5 දෝපේ ග්‍රාම නිලධාරි වසමේ සිදු කරන ලදි. එ් සදහා ස්මාට් සමාජ කවයේ නිලධාරින් අැතුලු වසමේ සියලුම නිලධාරින් සහභාගි වන ලදි. තවද එම පුහුණුව අවසන් කල නිලධාරින් හට සහතික ප්‍රධානය ද කරන ලදි.

කේ.ඒ. මොනිකා කැලන්
සමෘද්ධි සන්නිවේදක
බෙන්තර

අක්මීමන යොවුන් සේනාංකයට සමෘද්ධි හරිත උයනක්


    මෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රතිපාදන මත වලහන්දුව සමෘද්ධි කලාපයේ හා සමෘද්ධි මහා සංගමයේ යෝජනාවකට අනුව ප්‍රාදේශීය ලේකම් පුෂ්පිකා තුෂාරි ජාගොඩ මැතිනියගේ ප්‍රධානත්වයෙන් අක්මීමන යොවුන් සේනාංක භුමියේ සමෘද්ධි හරිත උයනක් සදහා අඹ පැළ රෝපනය කිරිම පසුගිය (31) දින සිදු විය .යොවුන් සේනාංකයේ ප්‍රධාන උපදේශක සුජිව මහතා  අැතුඑ කාර්ය මණ්ඩලය, ආදරණිය තරැණ  තරැණියන් ඉතාමත් කැමැත්තෙන් හා උනන්දුවෙන් මෙි සදහා සක්‍රිය දායකත්වය ලබා දිම ප්‍රාදේශීය ලේකම්තුමියගේ පැසසුමට ලක් විය.

   මුලස්ථාන කළමණාකරු ටි.ජි.කේ.  නන්දනි, කළමණාකාර අධ්‍යක්ෂ නිමල් වික්‍රමසිංහ, කළමණාකරු විද්‍යාරත්න, සමාජ සංවර්ධන සහකාර රංජිත් මුදලිගේ, සමෘද්ධි සංවර්ධන නිලධාරී මහත්ම මහත්මින් සහභාගි වුහ.

කේ. ආර්. සේනානි ඉන්දිරා
සමෘද්ධි සන්නිවේදක
අක්මීමන

ළමුන් සදහා පාසල් උපකරණ


   ලෝක ළමා දිනය වෙනුවෙන් මිරිස්වත්ත ප්‍රජා මුල බැංකුවේ කළමණාකාරතුමිය අැතුලු නිලධාරින් විසින් බැංකු සංගමයට අයත් වසම් වලින් ළමයින් තිස් දෙනෙකු තෝරා ඔවුන් හට පාසල් උපකරණ බෙදා දෙන ලදි. එ් සදහා මුලස්ථාන කළමණාකාරතුමිය, මහා සංගම් අධයක්ෂක තුමා හා සමාජ සංවර්ධන නිලධාරිනිය සහභිගි වන ලදි. 

කේ.ඒ. මොනිකා කැලන්
සමෘද්ධි සන්නිවේදක
බෙන්තර

ප්‍රජා මුල සංවිධාන සදහා ලියාපදිංචි සහතික


   ක්මීමන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ග්‍රාම නිලධාරී වසමි 63 ක සමෘද්ධි ප්‍රජා මුල සංවිධාන 87 ක් සදහා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් නිකුත් කෙරැනු ලියාපදිංචි සහතික ප්‍රධානය පසුගිය (31) දින ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙටිටිආරචිචි මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීනි .                            
   ප්‍රජා මුල සංවිධාන සභාපතිවරැන්⁣ වෙත සහතික පත්‍ර පිරිනැමුනු අතර, ප්‍රාදේශීය ලේකම් පුෂ්පිකා තුෂාරි ජාගොඩ මැතිනිය, සහකාර ප්‍රාදේශීය ලේකම් නිලුකා එන් සුරියආරච්චි මැතිනිය, මුලස්ථාන කළමණාකරු ටි.ජි .කේ. නන්දනි, කළමණාකාර අධ්‍යක්ෂ නිමල් වික්‍රමසිංහ, ව්‍යාපෘති කළමණාකරු ඩබි.එචි.කේ. සුනිල්, සමෘද්ධි සංවර්ධන නිලධාරී මහත්ම මහත්මිහු සහභාගි වුහ.

කේ. ආර්. සේනානි ඉන්දිරා
සමෘද්ධි සන්නිවේදක
අක්මීමන

කඨින දානමය පිංකමක් බෙන්තොට ප්‍රාදේශීය කාර්යාලයේදී


  බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් වාර්ෂිකව පිරිනමන කඨින දානමය පිංකම මෙවරත් පවත්වන ලදී. එය බෙන්තොට බෝධිමලුව රජමහා විහාරස්ඵානයේදී  පැවැත්විණි. එහිදී ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරින් මගින් සකස් කල දානය අති පුජනීය වු සංඝයා වහන්සේලා උදෙසා පුජා කරන ලදී. බෙන්තොට ප්‍රාදේශීය ලේකම් වසන්ත විතානගේ මැතිතුමා, සහකාර අ්‍ධ්‍යක්ෂක තුමිය අැතුලු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරින් හා ක්ෂේත්‍ර නිලධාරින්ගේ සහභාගීත්වයෙන් සිදු කරන ලදී.

කේ.ඒ. මොනිකා කැලන්
සමෘද්ධි සන්නිවේදක
බෙන්තර

ළමා සමාජ ප්‍රගතිය අැගයීම හා ත්‍යාග ප්‍රදාන උත්සවය


   බරාදූව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ උණවටුන සමෘද්ධි කලාපයට අයත් හදුගොඩ ග්‍රාම නිලධාරී වසමේ සුමියුරු ළමා සමාජය හා දොඩම්පෙ සුපිපි ළමා සමාජය එක්ව මෙම වසර තුළ පැවැත්වූ වැඩසටහන් වල ප්‍රගතිය විමසීම හා ඔවුන් ලද ජයග්‍රහණ වෙනුවෙන් ත්‍යාග ප්‍රදාන උත්සවයක් 2017.10.30 දින හීනටිගල ග්‍රාම සංවර්ධන සමිති ශාලාවේදී පැවැත්විය.

  ගද්‍ය රචනා අංශයෙන් දිස්ත්‍රික් ප්‍රථම ස්ථානය ලබාගත් දිනුකි සසිනිකා විමලේන්ද්‍ර දැරියට විශේෂ ත්‍යාගයක් ලබාදුන් අතර අැය 2017.11.11 දින පැවැත්වෙන සමස්ථ ලංකා ළමා සමාජ තරග සඳහාද සහභාගී වීමට නියමිතය. 

  කොට්ඨාශ මට්ටමින් පැවැත්වූ නායකත්ව පුහුණු වැඩසටහන්, දැනුම මිනුම තරග, සරුංගල් තරග හා දිස්ත්‍රික් කැකුලුු ළමා සමාජ සංස්කෘතික තරග සඳහා සහභාගී වී ජයග්‍රහණය කල හා විශේෂ දක්ෂතා දරු දැරියන් 35 දෙනෙකුට මෙහිදී ත්‍යාග ලබාදුනි. 

  උණවටුන සමෘද්ධි බැංකු කළමණාකාරිනි ඉන්ද්‍රානි විජේසේකර මහත්මියගේ මග පෙන්වීම යටතේ මෙම වසම් දෙකම භාරව කටයුතු කරන සමෘද්ධි සංවර්ධන නිලධාරී එස්මි ජයලත් මහත්මිය විසින් මෙම කටයුතු සංවිධානය කර තිබූ අතර හබරාදූව සමෘද්ධි මූලස්ථානයේ සමාජ සංවර්ධන අංශය මගින් දායකත්වය දරන ලදි. 

  හබරාදූව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරී උපාලි ළමාහේවා මහතා මේ අවස්ථාවට සහභාගී වූ අතර ළමා අපයෝජනය පිලිබඳව දැනුවත් කිරීම ද සිදුකරන ලදි. මෙම උත්සව අවස්ථාව සඳහා සමෘද්ධි මූලස්ථාන කළමණාකරු මොහාන් චිත්‍රලාල් මහතා, ව්‍යාපෘති කළමණාකරු එම්.කේ. ජයන්ත මහතා, බැංකු කළමණාකාරිනි ඉන්ද්‍රානි විජේසේකර මිය හා එම වසම් දෙකෙහිම කටයුතු කරන ග්‍රාම නිලධාරින්, ආර්ථික සංවර්ධන නිලධාරීන් යන මහත්ම මහත්මීන් ද සහභාගී විය.

එම්. ඉන්දිරා ලක්මාලි
සමෘද්ධි සන්නිවේදක
හබරාදුව

දෙද්දුව ග්‍රාම නිලධාරි වසමේත් වැඩිහිටි උත්සව


   ලෝක ළමා දිනය හා ලෝක වැඩිහිටි දිනයට සමගාමීව බෙන්තොට දෙද්දුව ග්‍රාම නිලධාරී වසමේ සමගි වැඩිහිටි සමිතිය මගින් උත්සවයක් සංවිධානයකරන ලදී. මෙහිදී වැඩිහිටියෙකුට සලකන අාකාරය හා ඔවුන් රැකබලා ගැනිම හා ඔවුන්ට ගරැ බුහුමන් කිරිම පිළිබඳව හරවත් දේශනයක් ගෝනපීනුවල සමාජ සේවා නිලධාරි විසින් සිදු කරන ලදී. තවද නැටුම්, ගැයුම්, හිටිවන කවි ගායනා කිරිම ද විශේෂයෙන් කැපි පෙනුනි. මේ සදහා ග්‍රාම නිලධාරි තුමා සමෘද්ධි නිලධාරි තුමා අාර්ථික සංවර්ධන නිලධාරි තුමා අැතුලු ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ නිලධාරින් සහභාගි වන ලදි. තවද මෙදින ඔවුන්ට දවස පුරා අවශ්‍ය අාහාර පානද ලබා දෙන ලදි.

කේ.ඒ. මොනිකා කැලන්
සමෘද්ධි සන්නිවේදක
බෙන්තර