Friday, June 2, 2017

සමෘද්ධි ඒකාබද්ධ ග්‍රාම සංවර්ධන වැඩසටහන 2017 - මැදිරිගිරිය

      අතිගරු ජනාධිපති මත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ මගපන්වීම යටතේ පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා පොලොන්නරුව දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂක කාර්යාලය එක්ව අපනයන කෘෂිකර්ම දෙපාර්තමෙන්තුව මගින් 2016 වර්ෂයේදී පොලොන්නරුව දිස්ත්‍රික්කය ආවරණය වන පරිදි අපනයන කෘෂි බෝගයන් වන ගම්මිරිස් හා පුවක් වගා වැඩසටහන ආරම්භ කරන ලදි.

      මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් එන්.ඒ.ඒ.එස්. නිශ්ශංඛ ආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් හිටපු මූලස්ථාන කළමණාකරු එල්.ටී.එස්. කුමාරි මහත්මියගේ  මගපෙන්වීමෙන් පසුගිය වර්ෂයේදී මෙම වැඩසටහන මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ග්‍රාම නිලධාරී වසම් කීපයක ආරම්භ කරන ලදි. සහභාගිත්ව සංවර්ධන ක්‍රමවේදය අනුගමනය කරමින් සමස්ථ ග්‍රාමීය ප්‍රජාවම ආවරනය වන පරිදි පසුගිය මැයි19 දින 97 වෙඩිකච්චිය හා 86 ගජබාපුර ග්‍රාම නිලධාරී වසම් වල ගම්මිරිස් වගා පුහුණුව ලබා දෙන ලද්දේ අපනයන කෘෂිකර්ම දෙපාර්තමෙන්තුවේ පොලොන්නරුව දිස්ත්‍රික් අධ්‍යක්ෂක වසන්ත බැබලාගම මහතා සහ එම නිලධාරින් විසිනි.

       ධන සවිය නමින් කාන්තා මූලික වැඩසටහනක් වන මෙම වැඩසටහන එක් පුද්ගලයෙක් සදහා පැනියූර් වර්ගයේ ගම්මිරිස් පැල 80ක් පුද්ගල ක්‍රියාකාරකම් පරික්ෂා කිරිමෙන් අනතුරුව ලබාදෙනු ලදී. මෙම වැඩසටහන අදාල වසම් වල සමෘද්ධි සංවර්ධන  නිලධාරී වන ඩි.එම්.පී.කේ. දිසානායක හා එම්.පී. වජිරා මල්කාන්ති මහත්මින්ගේ ඉල්ලිම මත සිදුකල අතර පුහුණුලාභින් 200ක් පමණ සහභාගිවු අතර මැදිරිගිරිය මූලස්ථාන සමෘද්ධි කළමණාකරු එස්.එම. දුරුතු කුමාරි මහත්මිය හා එම කාර්යාලයේ ජීවනෝපාය සංවර්ධන විෂය ලිපිකරු නිමල් තිලකරත්න මහතාද සහභාගී වන ලදි. සමෘද්ධි ප්‍රජාමූල සංවිධානවල සමස්ථ නිලධාරී මණ්ඩලයේ සංවිධානයෙන් මෙම පුහුණු වැඩසටහන් සිදු කරන ලදි.

ඩි.එම්.පී.කේ. දිසානායක
ගමන සන්නිවේදක
පොලොන්නරුව

No comments:

Post a Comment