Monday, May 8, 2017

ග්‍රාම නිලධාරීණියට සෙත් පතා පිංකම් මාලාවක්  ගොනාපීනූවල නිග්‍රෝධාරාමයේ දී
රාජකාරි කටයුත්තක් අතරතුර හදිසි රිය අනතුරකට ලක්වී කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන ගෝනාපීනූවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අංක 66 අළුත්වල ග්‍රාම නිලධාරී වසමට අනුයුක්තව සේවය කල ග්‍රාමනිලධාරී ධනුෂිකා ක්‍රිෂානි මහත්මියට ඉක්මන් සුවය පතා ගෝනාපීනූවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලායීය සියලූ අංශ වලට අයත් කාර්ය මංඩලය හා ප්‍රාද්ශවාසීන් එක්ව පිංකම් මාලාවක් මේ දිනවල දී ගොනාපීනූවල නිග්‍රෝධාරාම විහාරස්ථානයේදී පැවැත්වේ.


ඒ අනුව කිරි ගවයෙකු නිදහස් කිරිම හා බෝධි පුජා මාලාවක් පැවැත්වීම ගෝනාපීනූවල සහකාර ප්‍රාදේශීය ලේකම් දුලානි ශෂිකලා ගුනසේන මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඉකුත්දා සිදුකෙරිණි.

ප්‍රභාත් නිශාන්ත
   සමෘද්ධි සංනිවේදක - ගෝනාපීනූවල

No comments:

Post a Comment