Monday, May 8, 2017

හැකියාවට ශක්තියක් වූ ජීවනෝපාය සංවර්ධන වැඩසටහන

සිය සහජ හැකියාව උපයෝගී කර ගනිමින් ත්රී රොද රථ පින්තාරු කිරීමේ වැඩපලක් පවත්වා ගෙන යන නියාගම කලාපයේ දූවේගොඩ ග්රාම නිලදාරී වසමේ කේ.ජේ. සෝමසිරි මහතා ක්රමක් ක්රමයෙන් දියුණුවේ මාවත කරා පිය නගමින් සිටී. ආරම්භයේ ඉතා සුළුවෙන් පටන් ගත් මෙම කටයුත්ත මේ වන විට සීග් දියුණුවක් ලබා ඇත. එම ස්ථානයේම වාහන සේදීමේ කාර්යද මොහු විසින් පසුගියදා ආරම්භ කරන ලදී. නියාගම සමෘද්ධි බැංකු සංගමයෙන් මේ සඳහා ණය පහසුකම් ලබාගත් ඔහුට 2015  වසරේ ජීවනෝපාය වැඩසටහන මනා ශක්තියක් විය.

ඔහුට එම වැඩසටහන හරහා පෑස්සුම් උපකරණයක් සහ කම්ප්රෙෂරයක් ලබා ගැනීමට හැකි විය. එය තමාට මෙම කර්මාන්තය කරගෙන යාම සඳහා ලැබුණු විශාල ශක්තියක් බව ඔහු පවසයි. එසේම තමාගේ මෙම කර්මාන්තය දියුණු කරගැනීම සඳහා නියාගම සමෘද්ධි ප්රජාමූල බැංකුවෙන් ලබාදෙන සහයෝගය ඔහු කෘතවේදීව සිහිපත් කරයි. මෙම සෑම කටයුත්තකදීම දූවේගොඩ වසමේ සමෘද්ධි සංවර්ධන නිලදාරී කේ.ජී. රංජිත් මහතා තමාට නිරන්තර සහයෝගයක් ලබාදුන් බව ඔහු වැඩිදුරටත් පැවසීය.

බී.එච්..ප්රසන්න
ප්රාදේශීය සන්නිවේදක

නියාගම

No comments:

Post a Comment