Monday, May 8, 2017

සමෘද්ධි අභිමාණී අලෙවි ප්රදර්ශනයක් හික්කඩුව නගර සභා ක්රීඩාංගනයේ දී
හික්කඩුව සමෘද්ධි ප්රජා මුල සමිතියේ සංවිධාන ශක්තියෙන් හා ව්යාපෘති කලමණාකරු  එම්. ටී. අනෝමා ශ්රීමතී මහත්මියගේ මෙහෙයවීමෙන් සංවිධානය කල සමෘද්ධි අභිමාණි වෙළද ප්රදර්ශනය හා අලෙවි පොළ පසු ගිය 11 සහ 12 යන දිනයන්හි දී දවස පුරා හික්කඩුව නගර සභා ක්රීඩාංගනයේ දී පැවැත්විණි.


හික්කඩුව ප්රාදේශිය ලේකම්  ඩබ්ලිව් .එස්. සත්යානන්ද මහත්මාගේ ප්රධානත්වයෙන් සමාරම්භය සනිටුහන් වු සමෘද්ධි අභිමාණී අලෙවි ප්රදර්ශනය හික්කඩුව ප්රාදේශිය ලේකම් කොටිඨාශයට අයත් සමෘද්ධිලාභි වව්යසායකයන් විශාල පිරිසක් සහභාගී තිබීම කැපී පෙනිණ.

මෙම අලෙවි ප්රදර්ශනය සඳහා හික්කඩුව සහකාර ප්රාදේශීය ලේකම් ඩී.එන්.පී. කුලරත්න මහත්මිය, ගනකාධීකාරී ටී.ඩී. මනම්පේරි මෙනෙවිය, සැලසුම් අධ්යක්ෂ දෙපල, දිවි නැගුම මූලස්ථාන කළමණාකරු කේ.එච්. ගොතික් මිය , කළමණාකාර අධ්යක්ෂ ප්රියානි දේවිකා මහත්මිය , සියලූම කලාප කළමණාකරුවන් ,දිවි නැගුම සංවර්ධන නිලධාරින් , ප්රාදේශීය ලේකම් කාර්යාලයේ සංස්කෘතික නිලධාරි ඇතුළු පිරිස සහභාගීවිණි.

එම්. අනෝමා මෙන්ඩිස්

   සමෘද්ධි සංනිවේදක - හික්කඩුව

No comments:

Post a Comment