Tuesday, May 30, 2017

ඉතුරු මට මග කියා දෙමින් නියාගමින් මුල් තැනට

          සමෘද්ධි බැංකු ව්‍යාපාරය ආරම්භ කරන ලද්දේ දුප්පත් ජනතාවට ඉතිරි කිරීමේ හැකියාව පුරුදු පුහුණු කිරීමටත් ,ඒ හරහා ණය පහසුකම් ලබා දී ඔවුන් ආර්ථික වශයෙන් ශක්තිමත් කිරීමත් යන ප්‍රධාන අරමුණු පෙරදැරි කරගෙනය. ඒ අනුව දුප්පත් ජනතාවගේ මුදල් මගින් ගොඩ නැගුනු සමෘද්ධි බැංකුව අද වන විට ඔවුන් ගේ ඉතුරුම් ශක්තිය තුලින් කෝටි ගණනක මුදල් ණය වශයෙන් ලබා දී දුප්පතුන් දුප්පත් කමින් ගොඩ ගන්නා දුප්පතුන්ට ශක්තියක් වූ එකම බැංකු ව්‍යාපාරය බවට පත් ව ඇත. ඒ අනුව සෑම වසරකම බක් මාසය සමෘද්ධි බැංකු වැඩ සටහනට  සුවිශේසි  මාසයකි. මන්ද රටපුරා ඇති සෑම සමෘද්ධි බැංකුවක් හරහා සිංහල අලුත් අවුරුදු ගනුදෙනු වැඩ සටහන ප්‍රමුඛ වැඩ සටහනක් බවට පත් කර ගෙන කටයුතු කිරීම නිසාවෙනි. ඒ අනුව මෙවර අවුරුදු ගනුදෙනු වැඩ සටහන අප්‍රේල් මස 17දින සිට 23 දින දක්වා දිවයින පුරා පිහිටි සමෘද්ධි බැංකු  කේන්ද්‍ර කරගනිමින් පැවැත් වුණි.
      නියාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේද මෙය ක්‍රියාත්මක වූ අතර, වෙනත් වසර වලට වඩා ප්‍රතිලාභීන්ගේ සහ වැඩ සටහනට සම්බන්ද අඩු ආදායම් ලාභීන්ගේ දැඩි උනන්දුවක් මේ සදහා තිබෙනු දක්නට ලැබුණි. එම සතිය පුරා පැවති ගනුදෙනු වැඩ සටහන තුලින් රු.787298/=ක මුදලක් ගෙන එමින් 38 නියාගම වසමේ සමෘද්ධි සංවර්ධන නිලධාරී මල්ලිකා ගොඩකන්ද මහත්මිය නියාගම කොට්ඨාශයේ පලමු තැනට පත් වුණාය. ඇය මෙයට පෙරද වසර කීපයකදීම මෙවන් දක්ශතාවන් දැක්වීමට සමත් වූ නිළධාරිනියකි.
       එසේම පොරවගම දකුන වසමේ ස.සං.නී එච්.වී.ශාන්ති මල්ලිකා මහත්මිය රු.678825/=ක්, රු607450/=ක් ගෙන ආ නියාගම දකුන වසමේ ස.සං.නී මහේෂිකා කහවෙවිතාන මහත්මිය යන නිලධාරීනීන් පිළිවෙලින් දෙවන සහ තුන්වන ස්ථාන හිමි කර ගැනීමට සමත් වූවාය. එසේම පළමු ස්ථාන දහය සදහා පිළිවෙලින් මත්තක වසමේ ස.සං.නී ඉ රෝෂිකා ඩයස්මහත්මිය රු.567530/=ක්, ගොඩාමුන දකුන වසමේසසං.නී ඩබ්.එම්.සංජය නිශාන්ත මහත්මා530400/=ක්, මාරග්ගොඩ වසමේ ස. සං.නී.කුමාරි වනිගසේකර මහත්මිය 527310/=ක්, පිටිගල වසමේ ස සං. නී. ඩබ්.ටී.ලසන්ති මල්ලිකා මහත්මිය506250/=ක්, දූවේගොඩ වසමේ ස.සං.නී.කේ.ජී.රංජිත් මහත්මා458250/=ක්, වත්තහේන වසමේ ස.සං.නී. ඒ.කේ.චන්ද්‍රලතා මහත්මිය රු.431400/=ක්,මානම්පිට වසමේ වැඩ බලනසමෘද්ධි නිළධාරී කුමාරී වනිගසේකර මහත්මිය රු.360150/=ක් ගෙන එමින් අවුරුදු .තැන්පතු  ප්‍රවර්ධන සතිය සාර්ථක කර ගැනීමට සිය දායකත්වය එක් කරන ලදි. එසේම අනිකුත්නිළධාරීන්ද ලබා දී තිබූ ඉලක්කය සම්පූර්ණ කිරීමද සුවිශේසී කරුනකි.මෙම සතිය තුල නියාගම සමෘද්ධි බැංකුව එම ගනුදෙනු හරහා රු.5399125/=ක්ද, මත්තක සමෘද්ධි බැංකුව රු.1894710/=ක්ද, පිටිගල සමෘද්ධි බැංකුව රු.2699125/=ක්ද වශයෙන් ඒකරාශී කර ගැනීමට සමත් වූ අතර,රු.9849738/=ක් බැංකු තුනේම සමස්ථ එකතුව බවට පත් කර ගැනීමට සමත් වීම සුවිශේසී කරුනකි. මේ කටයුතු සදහා කළමනාකාර අධ්‍යක්ෂ සුමිත් කිත්සිරි මහතා ඇතුළු සියලු කළමණාකරුවන්, ප්‍රජා මූල සංවිධාන සමස්ථ නිළධාරීන්ගේද සහයෝගය නොඅඩුව ලැබී තිබුණි.

‍‍බී. එච්. ඒ. ප්‍රසන්න
   සමෘද්ධි සන්නිවේදක -
   නියාගම

No comments:

Post a Comment