Wednesday, July 25, 2018

අභියෝග ජය ගන්න.... දරුවන්ට........


  අපේ රටේ අනාගතය අපේ වර්ථමාන දරු පරපුරයි. එබැවින් රටට අවශ්‍ය සංවේදි, නිර්මාණශිලි කුසලතාවලින් පරිපූර්ණ, නැණ ගුණ නුවණින් යුතු අභියෝග ජය ගත හැකි දරු පරපුරක් දැයට දායාද කිරිම අප කාගේත්  යුතුකම හා වගකීම විය යුතුය.  

   එම අභියෝග ජයගැනිමට හැකි ඔවුන්ට ශක්තිය ධෛර්ය සපයන විශේෂ වැඩ මුළුවක් පසුගිය 2018.07.06 දින ඉමදුව ප්‍රාදේශිය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදි පැවැත්විණ. ඒ ඉමදුව කොට්ඨාශයේ සමෘද්ධි කැකුළු ළමා සමාජ දරුදැරියන්ට ජීවිතාරක්ෂක ප්‍රථමාධාර ක්‍රම ශිල්ප පිලිබද ප්‍රායෝගික ක්‍රියාකාරකම් ඇතුලත් වැඩ මුළුවක් ලෙසිනි.

   ජීවිතාරක්ෂක ක්‍රම ශිල්ප පිලිබදවත්, හදිසි අනතුරවලදි, දියේ ගිලීමකදි සහ හදිසි ආපදාවලට පත්වන පුද්ගලයින්ට ප්‍රථමාධාර ලබාදිය යුත්තේ කෙසේද යන්න පිලිබදවත් ප්‍රායෝගික හා න්‍යායාත්මක  දැණුම ලබාදීම මෙහිදි සිදුවිය. මෙම වැඩ සටහන සදහා ගාලු දිස්ත්‍රික් රතුකුරුස සංවිධානයේ දිස්ත්‍රික් වැඩ සටහන් සම්බන්ධිකාරකවරුන් වන කේ. දිනුක නදිශාන් සහ ජි.ඒ. තාරුෂ දේෂාන් යන මහත්වරුන් විසින පවත්වන ලද අතර ළමා සමාජ දරුදැරියන් 75 දෙනෙකු පමණ සහභාගි විය. ළමාහිමිකම් ප්‍රවර්ධන නිලධාරි අශෝකා මහත්මිය සහ සමෘද්ධි සමාජ සංවර්ධන නිලධාරි නිශාන්ත සුදුසිංහ මයා විසින් මෙම වැඩ සටහන සංවිධානය කර තිබිණ.

නිශාන්ත සුදුසිංහ
සමෘද්ධි සන්නිවේදක
ඉමදුව

No comments:

Post a Comment