Tuesday, June 6, 2017

හික්කඩුව සිප් දොර ශිෂ්‍යත්ව සම්මුඛ පරික්ෂණ

   හෙට ලොව ජය අරන් විකසිත වන්නට පෙරැම් පුරන මල් වන් දරැවන්ගේ අධ්‍යාපනයට අත හිත දෙන සමෘද්ධි සිප් දොර ශිෂ්‍යත්ව වැඩ සටහන සදහා ශිෂ්‍යත්වලාභීන් තොරා ගැනීමේ සම්මුක පරික්ෂණයක් පසුගියදා (02) හික්කඩුව ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේදී සිදු කෙරිණි. ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය නියෝජනය කරමින් වසම් වලින් තොරා ගන්නා ලද අ.පො.ස සා.පෙළ ඉහලින් සමත් ප්‍රතිලාභී පවුල් වල දරැවන් 104 දෙනෙකු  සම්මුඛ පරික්ෂණ සදහා පැමිණ තිබිණි. හික්කඩුව ප්‍රාදේශිය ලේකම්තුමාගේ උපදෙස් පරිදි මෙම පරික්ෂණය සැලසුම් අධ්‍යක්ෂක ඩී. පී. එච්. ශ්‍රීයානි, නියෝජ්‍ය විදුහල්පති තුසිතා ප්‍රියදර්ශනී, පරිපාලන නිලධාරි කේ. ඩබ්. කාංචනා ද සිල්වා, මුලස්ථාන කලමණාකරු කේ. එච්. ගොතෙක්, සංවර්ධන නිලධාරි වන පී. කේ. එච් ගුණරත්න, එස්. එම්. ගුණරත්න, කේ. විමලරත්න යන මහත්ම මහත්මීන්ගෙන්  සමන්විත පරික්ෂණ මණ්ඩලයක් මගින් ඉතා විනිවිද භාවයෙන් යුතුව සිදු කෙරිණි.

අනෝමා මෙන්ඩිස්
සමෘද්ධි සන්නිවේද -
හික්කඩුව

No comments:

Post a Comment