Tuesday, June 6, 2017

ඉමදුව සමෘද්ධි කැකුඑ ළමා සමාජ ප්‍රති සංවිධානය වේ

     ශ්‍රී ලංකා සමෘද්ධි අධිකාරිය යටතේ 2004 වසරේ සිට දිවයින පුරා ආරම්භ කරන ලද සමෘද්ධි කැකුඑ ළමා සමාජ  හරහා දරැවන්ගේ සංස්කෘතික හා සාහිත්‍ය  හැකියාවන් වර්ධනය කිරිමටත් එකිනෙකාට ගරුකරන ,සමබර පෞරුෂයකින් හෙබි සංවේදි දරු පරපුරක් සමාජයට දායාද කිරිම සදහා ලද පිටිවහල අති මහත්ය.
     ඒ අනුව දිවයින පුරා පිහිටුවා ඇති සමෘද්ධි කැකුඑ ළමා සමාජ ප්‍රතිසංවිධානය කරමින් සක්‍රීයව පවත්වා ගැනිමටත් නිරන්තර යාවත්කාලීන දත්ත පද්ධතියක් පවත්වා ගනිමින්  රාජ්‍ය දෙපාර්තමේන්තු හා බාහිර ආයතන සම්බන්ධ කර ගනිමින් විවිධ වැඩ සටහන් ළමා සමාජ තුලින් ක්‍රියාත්මක කිරිමටත් බලාපොරොත්තුවේ. විශේෂයෙන්ම ඒ හරහා සමෘද්ධි කැකුඑ ළමා සමාජ සංස්කෘතික හා සාහිත්‍ය  තරඟාවලිය අති සාර්ථකව පවත්වමින්  දැනුම, ආකල්ප හා කුසලතාවන්ගේ පිරිපුන් නැණවත් ගුණවත් දරු පරපුරක් දැයට දායාද කිරිම මූලික අරමුණයි.
       ඊට සමගාමීව ඉමදුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ළමා සමාජ ප්‍රතිසංවිධාන කටයුතු මේ දිනවල සිදු කරමින් පවති. ඉමදුව ප්‍රාදේශිය ලේකම් ලක්ෂ්මී කාන්ති මැතිණියගේ උපදෙස් හා මග පෙන්වීම් යටතේ කොට්ඨාශය පුරා ඇති ග්‍රාම නිලධාරි වසම් 43 හි  ළමා සමාජ පිහිටුවීම හා ඒ පිලිබද දැනුවත් කිරිමේ වැඩ සටහන් සමෘද්ධි  බැංකු කලමණාකාර අධ්‍යක්ෂ කේ.එච්.වි. ලක්ෂ්මන් මහතාගේ, සමාජ සංවර්ධන සහාකාර නිශාන්ත සුදුසිංහ මහතාගේ සහ සියලුම වසම් භාර සමෘද්ධි සංවර්ධන නිලධාරින්ගේ  මූලිකත්වයෙන් සිදුකෙරේ.

නිශාන්ත සුදුසිංහ
සමෘද්ධි සන්නිවේදක
ඉමදුව

No comments:

Post a Comment