Tuesday, June 6, 2017

සම්බුදු තෙමගුල නිමිත්තෙන් වැලිවිටිය  දිවිතුර පින්කම් රැසක්


   වැලිවිටිය - දිවිතුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සමෘද්ධි සමාජ සංවර්ධන අංශය විසින් වෙසක් පොහෝ දින නිමිත්තෙන්  පිංකම් රැසක් සංවිධානය කරන ලදි. ඒ අතර ඉතා වැදගත් තැනක් ගනු ලැබුයේ අසරණ පවුල් 21කට වියලි සලාක මල්ලක් පිරිනැමිමේ කටයුත්තයි.
  වැලිවිටිය දිවිතුර ප්‍රාදේශිය ලේකම් ඒ.එම්.යූ.ජී. කාරියවසම් මහත්මියගේ උපදෙස් පරිදි සමෘද්ධි සමාජ සංවර්ධන නිලධාරී රේණුකා මල්කාන්ති මහත්මිය මෙම කටයුත්ත මෙහෙයවන ලදි. මේ යටතේ කොට්ඨාශයේ අසරණභාවයට පත්ව සිටින වයෝවෘද්ධ හා ආබාධිත පුද්ගලයින් සිටින පවුල් හඳුනාගෙන අත්‍යාවශ පරිභෝජන ද්‍රව්‍ය රැසක් ඇතුළත්  වියලි සලාක මල්ලක් බැගින් පිළියෙල කොට ඔවුන් වෙත ලබාදීමට කටයුතු කරන ලදි. නිලධාරියාගේ මෙන්ම ප්‍රජාමූල සංවිධාන වල සාමාජික මහත්ම මහත්මීන්ගේද මූදලින් මෙන්ම  භාණ්ඩ පරිත්‍යාගයෙන් මෙම කටයුත්ත සිදු කරන ලදි. මිරිස්වත්ත, ගලහෙන්කන්ද, පරණජනපදය, මද්දේවිල, හාමිංගල, කුට්ටියාවත්ත, පොල්ගහවිල, අගලිය, වාඩු උතුර, දිවිතුර නැගෙනහිර, යන සමෘද්ධි ප්‍රජාමූල සංවිධානවල සාමාජික මහත්ම මහත්මීන්ගේ දායකත්වය ද ලබා ගනිමින් එම වසම් වල සේවය කරන සමෘද්ධි සංවර්ධන  නිලධාරීන් මෙම කටයුත්ත මෙහෙයවූ අතර සමෘද්ධි සමාජ සංවර්ධන පදනම මගින්ද මේ සඳහා රු.5000/- ක මුදලක් වැය කිරීමට කටයුතු කරන ලදි. ඉතිරි මුදල් සියල්ල පරිත්‍යාග ශීලීන් විසින් දැරීම විශේෂත්වයකි.

ඒ.එන්.වැලිවිටිගොඩ,
 සමෘද්ධි සන්නිවේදක
 වැලිවිටිය - දිවිතුර

No comments:

Post a Comment