Friday, June 2, 2017

ගෝනාපීනූවල පාලක මංඩලය හා විධායක සභාව පිහිටුවයි

     ගෝනාපීනූවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ආරච්චිකන්ද සමෘද්ධි ප්‍රජාමූල බැංකුවේ නව පාලක මංඩලය හා ගෝනාපීනූවල  සමෘද්ධි ප්‍රජාමූල බැංකු සමිතියේ නව විධායක සභාව පිහිටුවීම ගෝනාපීනූවල සහකාර ප්‍රාදේශීය ලේකම් දුලානි ශෂිකලා ගුණසේන මහත්මියගේ ප්‍රධානත්වයෙන් 2017.05.30 දින  කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. ඒ අනුව ආරච්චිකන්ද සමෘද්ධි ප්‍රජාමූල බැංකු පාලක මංඩලයේ හා ගෝනාපීනූවල  සමෘද්ධි ප්‍රජාමූල බැංකු සමිතියේ නව සභාපති වශයෙන් ආර්.කේ. චමිලා චාමරි මහත්මිය තේරී පත් විය. මෙම අවස්ථාවට මූලස්ථාන කලමණාකරු ගංගා ගුරුසිංහ මහත්මිය ඇතුලු සියලුම කලමණාකරුවන් හා සියලුම සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ද සමෘද්ධි ප්‍රජාමූල සංවිධාන සියල්ලේම නිලධාරීන් ද සහභාගී විය.

ප්‍රභාත් නිශන්ත
  සමෘද්ධි සංනිවේදක -
  ගෝනාපීනූවල

No comments:

Post a Comment