Thursday, June 1, 2017

දිළිදු පුද්ගයන් සදහා දානමය පිංකමක් සුරියගොඩ සමෘද්ධි බැංකුවේ

 යටිනුවර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ සූරියගොඩ සමෘද්ධි ප්‍රජාමූල බැංකුව මගින් වෙසක් පෝය නිමිති කරගෙන පවත්වනු  ලැබූ ඉතා දිළිදු පුද්ගයන් සදහා දානමය පිංකමක් පසුගියදා (26) පැවැත්විණි.
     වසමක දිළිදු පුද්ගයන් තුතිදෙනෙකු බැගින් වසම් 16 ම නියෝජනය වන පරිදි තෝරා ගෙන සූරියගොඩ දිවිනැගුම ප්‍රජාමූල බැංකු පරිශ්‍රයට කැදවා මෙම දානමය පිංකම සිදු කරන ලදී. එහි දී ඔවුන්ට අවශ්‍ය අත්‍යාවශ ද්‍රව්‍ය තිළින ලෙස ලබා දෙන ලදී. සූරියගොඩ දිවිනැගුම ප්‍රජාමූල බැංකුවේ කළමණාකරැ රේනුකා පුෂ්පලතා මහත්මියගේ සංකල්පනාවකට අනුව හා මග පෙන්වීමෙන් සියලුම  සමෘද්ධි සංවර්ධන නිලධාරින් විසින් මෙම පිංකම සංවිධානය කරනු ලබන ලදිි. මේ සදහා බැංකුවේ සාමාජිකයින්, ප්‍රතිලාභින් සහයෝගය දැක්වුහ.

   ශානිකා දීපිකා කුමාරි
   ගමන සන්නිවේදක -
   යටිනුවර

No comments:

Post a Comment