නානුඔය පස්කන්දක් කඩා වැටී නිවාස දෙකකට හානි
නානුඔය පොලිස් වසමට අයත් නානුඔය ග්ලාස්සෝ තේ වත්ත ප්‍රදේශයේ පස් කන්දක් කඩා වැටිම නිසා නිවාස දෙකකට හානි සිදුවි තිබේ. එම අනතුරෙන් එම නිවාස දෙකට අර්ධ හානි සිදුවි ඇති අතර එහි වාසය කල පවුල් දෙකක පුද්ගලයින් 12 කු ඥාති නිවාස වල නවාතැන් ගෙන තිබේ. මධ්‍ය කදුකරයට නොකඩවා වර්ෂාව ඇද හැලෙමින් පවතින අතර පසුගිය (2) දා රාත්‍රියේ නිවාස මතට පස් කඩා වැටිම සිදුවි තිබේ. එම අවස්ථාවේ නිවැසියන් සියම දෙනා එහි සිටි මුත් ඔවුන් කිසිවෙකුටත් තුවාල හෝ ජිවිත හානි සිදුවී නොමැත.
චන්දන ජයවීර
ගමන සන්නිවේදක
හැටන්
No comments:
Post a Comment