කුල කුමරා සම්බුද්ධ ශාසනයේ චිරස්තිය උදෙසා සසුන්ගතවේ
සම්බුද්ධ ශාසනයේ චිරස්තිය උදෙසා කුල කුමරෙකු සසුන්ගත කිරිමේ පුණ්‍ය උත්සවයක් හැටන් නිග්‍රෝධාරිම විහාරස්ථානයේදි පසුගිය පළමුවෙනිදා සිදුකෙරින. මෙහිදි ඇඹිලිපිටිය ,පල්ලේබැද්ද ,වැල්ලාව ප්‍රදේශයේ පදිංචිව සිටි රනතුංගගේ රෝහාන් කවිදු (11) කුල කුමරා මහගම සුමේධ යන නාමයෙන් පැවිදි දිවියට ඇතුලත් විය. රනතුංගගේ විජේරත්න හා අයි.එම්.එම් ඉන්ද්‍රානි ඉන්දුමති යුවලගේ තෙවන දරුවා වු ඔහුට වැඩිමහල් සහෝදරියන් දෙදෙනෙකු සිටින පවුලේ බඩ පිස්සාය. ගිහිජිවිතයේ සිටියදි පහ ශ්‍රේණිය දක්වා පාසල් අධ්‍යාපනය හදාරා තිබේ. පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් විමෙන් පසු පැවිදි විමට සිත් පහල වු බව පැවසීය. ඒ අනුව හැටන් නිග්‍රෝධාරාමාධිපති මැදරට ප්‍රාධාන සංඝනායක සාශ්‍රති මහගම විමල නායක හාමුදුරුවන්ගේ අනුසාශනා පරිදි මහා සංඝරත්නයේ සහබාගීත්වයෙන් පැවිදි කිරිමේ පිංකම පැවැත්වුහ.
චන්දන ජයවීර
ගමන සන්නිවේදක
හැටන්
No comments:
Post a Comment