මතින් - දුමින් තොර සොඳුරු ලොවක්
ඉමදුව ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ සමෘද්ධි සමාජ සංවර්ධන පදනම මගින් ජාත්‍යන්තර දුම්වැටි හා මත්විරෝධී දිනය වෙනුවෙන් පාසල් දරුවන් සදහා කථික තරඟයක් සංවිධානය කර තිබිණි. “ මතින්, දුමින් තොර සොදුරු ලොවක් ” යන මාතෘකාව යටතේ වයස් කාණ්ඩ තුනකින් මෙම තරඟය සංවිධානය වී තිබු අතර කොට්ඨාශයේ සියලු පාසල් වලින්ම ඒ සදහා දරු දැරියන් ඉදිරිපත් වී තිබිණි. මත්පැන්, දුම්වැටි, මත්පෙති ඇතුඑ අනෙකුත් උත්තේජක ද්‍රව්‍ය භාවිතය ඉන් පවුල් කුටුම්භයට, සමාජයට හා රටට වන හානිය පිලිබදවත් ඉන් මිදිමෙන් රටට සමාජයට වන ආර්ථික හා සමාජීය ප්රතිලාභ පිලිබද කරුණු දක්වමින් පැමිණි සිටි දරු දැරියන් සිය කුසලාතා හා හැකියාවන් දක්ෂ ලෙස ඉදිරිපත් කරණු ලැබිණි.
ජයග්‍රහණය කල සිසු දරු දැරියන්ට තාග්‍ය සහ සහතික පත් පිරිනැමිම එදිනම සිදු වු අතර මෛ අවස්ථාවට ඉමදුව ප්‍රදේශිය ලේකම් ලක්ෂ්මී කාන්ති මැතිණිය, සහකාර ලේකම් සුලනි සුලෝචනා මහත්මිය, සමෘද්ධි මුලස්ථාන කලමණාකරු, මහ සංගම් කලමණාකාර අධ්යක්ෂ, ව්‍යාපෘති කලමණාකරු, සමාජ සංවර්ධන සහකාර, පාසල් වල ගුරුභවතුන් ඇතුලු සමෘද්ධි නිලධාරින් විශාල පිරිසක් සහභාගි විය.
නිශාන්ත සුදුසිංහ
සමෘද්ධි සන්නිවේදක - ඉමදුව
No comments:
Post a Comment