මණ්ඩලගිරිය සමෘද්ධි බැංකුවේ නව පාලක මණ්ඩලය පත්වේ
සමෘද්ධි වැඩසටහනට නව මුහුණු වරක් ලබා දෙමින් 2013 අංක 01 දරන සමෘද්ධි පනත බල ගැන්වීමත් සමගම ග්‍රාමීය ප්‍රජාමූල සංවිධාන බිහිවිමෙන් අනතුරුව නව චක්‍රලේඛණ හා උපදෙස් මත මණ්ඩලගිරිය සමෘද්ධි බැංකුවේ නව පාලක මණ්ඩලය පත්වීම පසුගියදා සිදුකෙරුනේ බැංකු කළමණාකරු එල්.ටි.එස්. කුමාරි මහත්මිගේ ප්‍රධානත්වයෙනි.
ග්‍රාම නිළධාරී වසම් 15ක් නියෝජනය කරමින් සමෘද්ධි බැංකු කොටස් හිමියන් 150ක් පමණ මෙම අවස්ථාවට සහභාගීවු අතර සියළුම වසම්භාර සමෘද්ධි සංවර්ධන නිළධාරී මහත්ම මහත්මීන් සහ සමෘද්ධී බැංකු සමිති කළමණාකාර අධයක්ෂක චන්දන සුගත් කුමාර මහතාද සහභාගී වන ලදි.
වසම් 15 සදහා නව පාලක මණ්ඩල නිළධාරීන් 15ක් තෝරා පත්කර ගත් අතර මෙම සහභාගීවු සියළුම දෙනාට තේ පැන් සංග්‍රහයක් ලබා දෙන ලද්දේ ක්ෂේත්‍ර සහකාර මහතා වන ඩබ්.ජි. තිලකරත්න මහතා සහ 103 අඹගස්වැව වසමේ සමෘද්ධි සංවර්ධන නිළධාරි ගාමිණී උදය කුමාර මහතා විසිනි.
ඩි.එම්.පි.කේ. දිසානායකගමන දිස්ත්‍රික් සංනිවේදක
පොළොන්නරුව
No comments:
Post a Comment